පාර්ලිමේන්තු රැස්‌වීම් අතරතුර
අනවශ්‍ය ලෙස රීති ප්‍රශ්න නගන
මන්ත්‍රීවරු සභා ගැබෙන් ඉවත් කරනවා


කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා

පාර්ලිමේන්තු රැස්‌වීම් කටයුතු පැවැත්වෙද්දී මන්ත්‍රීවරුන් අනවශ්‍ය ලෙස රීති ප්‍රශ්න මතු කරන්නේ නම් ඔවුන්ව නම් කර සභාගැබෙන් එළියට දැමීමට තමන්ට සිදුවන බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (24 වැනිදා) පැවසීය.

විවාදය පැවැත්වෙමින් තිබෙන විට එම මන්ත්‍රීවරුන්ගේ කතාවන්ට බාධා වන ලෙස රීති ප්‍රශ්න මතු නොකළ යුතු යෑයි පෙන්වා දුන් කථානායකවරයා අනවශ්‍ය ලෙස රීති ප්‍රශ්න එලෙස මතු කළහොත් නම් කිරීමට සිදුවන බවද ආණ්‌ඩු පක්‍ෂ සහ විපක්‍ෂ මන්ත්‍රීවරු දෙදෙනකුට අවවාද කරමින් දෙවාරයකදී පවසනු ලැබිණි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදය පැවැත්වෙමින් තිබෙන අවස්‌ථාවේදී එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ කතාව සම්බන්ධව ප්‍රථමයෙන් ඊයේ එජනිස පත් කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් මහතා රීති ප්‍රශ්නය මතුකළ අවස්‌ථාවේදී සහ එම විවාදයේදීම ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා කතා කරන විට රීති ප්‍රශ්නයක්‌ මතුකළ කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට කථානායකවරයා මෙලෙස අවවාද කරනු ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.