තරුණයෝ පස්‌ දෙනෙක්‌ උඩවලව රෝහලට ශක්‌තියක්‌ වෙති

කුට්‌ටිගල දම්මුල්ලේ - සේන වී. ගමගේ

පස්‌පවින් වැළකී රටට ආදර්ශයක්‌ දෙමින් තරුණයෝ පස්‌ දෙනෙක්‌ උඩවලව ග්‍රාමීය රෝහල නංවාලීමට දායක වෙති.

උඩවලව ග්‍රාමීය රෝහල 60 දශකයේ ආරම්භ කරන ලද්දකි. එය මේ වන විට ග්‍රාමීය රෝහලක්‌ බවට පත්වී ඇති අතර වත්මන් දියුණුව සඳහා විශාල කැපවීමක්‌ කරනු ලබන්නේ එහි ප්‍රධාන වෛද්‍ය වසන්ත කුමාර මහතාය.

එම රෝහලේ අඩුපාඩුවක්‌ව පැවැති ප්‍රධාන නාමපුවරුව හා ගිනි නිවන ඒකකය ස්‌ථාපිතකර දීම සඳහා කොළඹ ප්‍රදේශයේ තරුණයෝ දෙදෙනෙක්‌ ඉදිරිපත් වූහ. ඔවුන් උපයා ගන්නා ලද මුදල්වලින් රුපියල් අසූදහසකට ආසන්න මුදලක්‌ වැයකර එම රෝහලේ කටයුතු සිදුකර පසුගියදා බාරදෙනු ලැබීය.

මීගොඩ වැලිසහේනවත්ත පදිංචි සංඛ නානායක්‌කාර මහතා ඇතුළු පිරිස ඉකුත්දා උඩවලව ග්‍රාමීය රෝහලට පැමිණ එහි නේවාසික රෝගීන්ට රෙදිපිළි පරිත්‍යාග කර ප්‍රධාන වෛද්‍ය වසන්ත කුමාර මහතා වෙත ඉදිරි කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කළේය. එහිදී ප්‍රධාන වෛද්‍ය වසන්ත කුමාර මහතා කියා සිටියේ මෙම කාර්යය තුළින් තරුණ පිරිස සමාජයට ආදර්ශයක්‌ දී ඇති බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.