මිහින්තලයේදී බස්‌ රියක්‌ පෙරළී 18 ක්‌ රෝහලේ

පර්සි කුරුනේරු - අනුරාධපුර

මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ මිහින්තලයට නුදුරු කුඩා සත්තම්බිකුලම ප්‍රදේශයේදී පෞද්ගලික බස්‌රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් කළ මගීන් 18 දෙනකු තුවාල ලබා ඇත.

ඊයේ (25 වැනිදා) පෙරවරු 11.40 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව මිහින්තලය පොලිසිය පවසයි.

මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනකු සිටින අතර බරපතළ තුවාල ලැබූ පස්‌දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරු කර යෑවූ බව මිහින්තලේ රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය.

තවත් 13 දෙනෙක්‌ මිහින්තලේ රෝහලේ ප්‍රතිකාර ලබති.

මැල්සිරිපුර සිට වව්නියාව නැදුන්කුලමේ පිහිටි අවමංගල්‍යයකට යමින් සිටි 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක්‌ ගමන් කළ බස්‌ රථයක්‌ මෙම අනතුරට ලක්‌ව ඇති අතර පවතින වර්ෂාව හේතුවෙන් රියෑදුරුට බස්‌ රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.