13 අහෝසි කළොත් ඇමැති වීරවංශලාට
ඉතිරි වෙන්නේ ත්‍රිරෝද රියකට සෑහෙන පිරිසක්‌


මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී උජිත් අනුරාධ

මාතලේ - විශේෂ නිමල් ගුණතිලක

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අවසන් කළොත් මේ රටේ ජනවාර්ගික ගැටලුවට පිළියමක්‌ වූ පුංචි ආණ්‌ඩුව අහිමිවී නැවත රට යුද්ධයකට තල්ලු කිරීමට වෙර දරන විමල් වීරවංශලාට ළඟදීම ඉතුරු වෙන්නේ ත්‍රීවිල් එකට දැමිය හැකි පිරිසක්‌ යෑයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උජිත් අනුරාධ (එජනිස) මහතා කියයි.

පළාත් සභා උදර පෝෂණය කරන තැනක්‌ යෑයි හංවඩු ගහන ඔවුන්ගේ ගජයින් පළාත් සභාවෙන් දෙන සැප විඳිමින් ලැප්ටොප් ගනිමින් උදරය පමණක්‌ නොවෙයි සියලු සැප විහරණයක්‌ ලබන බවද ඔහු පැවසීය. ගලේවෙල දඩුබැඳිරුප්ප සහ තලකිරියාගම ප්‍රදේශවල ජනතාව හමුවෙමින් 2013 වසර සඳහා සංවර්ධන යෝජනා පිළිබඳ අදහස්‌ දැනගැනීමේදී ඒ මහතා මේ බව කීය.

පළාත් සභාව එපා කීම පදනම් විරහිත කතාවක්‌. පළාත් සභාවෙන් ලැබෙන වරප්‍රසාද භුක්‌ති විඳිමින් පළාත් සභාවට ගරහන්නේ බංකොලොත් දේශ පාලනඥයන්. පළාත් සභාව යනු ගමට පළාතට විශාල මෙහෙයක්‌ කරන ජනතාවට වඩා සමීප ආයතනයක්‌.

දිවංගත ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා පළාත් සභාව ආරම්භ කළේ මේ රටේ නොවිසඳී තිබූ ජනවාර්ගික ගැටලුවට පිළියමක්‌ ලෙසයි.

වැඩ පුළුවන් පළාත් සභා මන්ත්‍රීවරයාට වැඩ කරන්න පුළුවන්. වැඩ බැරි ටාසන්ලාට වැඩ බැහැ. උදරය පෝෂණය කරන්නේ ඔවුන් උදරය පෝෂණය කර ගනිමින් සැප සම්පත් ලබන පිරිසට ජනතාව ඇතුල් පහරක්‌ දෙනු ඇතැයිද මන්ත්‍රී උජිත් අනුරාධ මහතා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.