දැඩි සත්කාර ඒකකයක්‌ නැතිව දඹුල්ල රෝහලට අසාධ්‍යයි

දඹුල්ල - ඩී. ඩබ්ලිව්. ඩී. සී. දසනායක

දඹුල්ල රෝහලට දැඩි සත්කාර ඒකකයක්‌ නොමැතිකම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන රෝගීන් බොහෝ දෙනකු අකාලයේ මියයන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

රෝගියකු ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වූ විට ඔහු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීමට වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්‌ඩලය ත්‍රිකුණාමලය කන්තලේ පොළොන්නරුව, මාතලේ, මහනුවර, පේරාදෙණිය හා කුරුණෑගල යන රෝහල් වලට දුරකථනයෙන් කතා කොට දැඩි සත්කාර ඒකකයේ ඇඳක්‌ වෙන්කර ගන්නේ විශාල පරිශ්‍රමයක්‌ දරමිනි.

උතුරු මැද කේන්ද්‍රස්‌ථානයක පිහිටි දඹුල්ල රෝහලට කැකිරාව, හබරණ, කිබිස්‌ස, වෑවල වැව, බකමූණ, ඇලහැර, නාඋල, කෝන්ගහවෙල, ගලේවෙල, සීගිරිය, මහ කෝට්‌ටේ, මාදිපොල හා ඕපල්ගල යන ගම්මානවලින් රෝගීහු ගෙන එති. එම නිසාම දඹුල්ල රෝහලේ වාට්‌ටු නිතරම පිරී පවතින අතර දිනපතාම පාහේ රෝගීන් පැදුරු එළාගෙන බිම නිදන අවස්‌ථා බොහෝය.

දැඩිසත්කාර ඒකකයක්‌ ඉදිකර සියලුම අංගෝපාංග ගෙනවිත් තිබුණත් කලට වෙලාවට එය විවෘත නොකිරීම නිසා කෝටි ගණන් වටිනා භාණ්‌ඩ කල් ඉකුත් වී භාවිතයට ගැනීමට බැරි අයුරින් අක්‍රිය වී තිබෙන අයුරු දක්‌නට ලැබේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.