දැයට කිරුළ භූමියේදී ඇද වැටී අම්පාර
ආයුර්වේද රෝහලේ අධ්‍යක්‍ෂක තුවාල ලබයි

ජිනදාස එස්‌. දහනායක - අක්‌කරපත්තුව විශේෂ

දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා අම්පාර හාඩි විද්‍යාල භූමියේ සැලසුම් කටයුතුවල යෙදී සිටි අම්පාර දිස්‌ත්‍රික්‌ ආයුර්වේද රෝහලේ ප්‍රධාන අධ්‍යක්‍ෂ ඩී. එච්. පී. ජන්මවීර මහතා පයළිස්‌සා ඇද වැටීමෙන් තුවාල ලබා ඇත.

මේ නිසා අධ්‍යක්‍ෂවරයාගේ වම් පාදයේ දණහිසට දැඩි සේ හානි සිදුවී තිබේ.

ආයුර්වේද ප්‍රතිකාර තුළින්ම සුවය ලබාගැනීමට උනන්දුවක්‌ දක්‌වන අධ්‍යක්‍ෂවරයා මේ අවස්‌ථාව වන විටත් තරමක සුවයක්‌ ලබමින් සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.