මාතර විදුහල්පති ඇප දෙකක්‌ මත මුදාහරී

කොළඹ බොදු බලසේනා සංවිධානයට සම්බන්ධ හිමිනමක්‌ විසින් පසුගිය 21 දා මාතර නගරයේ ජාතික පාසලක විදුහල්පතිවරයකුට එරෙහිව මාතර පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා මාතර වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප දෙකක්‌ මත මුදාහැර තිබේ. අද (26 දා) දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසට ඔහුට නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලද පො.ප. ජයරත්න මහතාගෙන් විමසූ අවස්‌ථාවේදී ආගමික වස්‌තූන්ට හානි කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක්‌ මත සැකපිට විදුහල්පතිවරයා අත් අඩංගුවට ගත් බව පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.