කොත්මලේ වැලන්ඩන් වත්තේ නාය යැමේ තත්ත්වයක්‌

නුවඑරළිය විශේෂ - ඩග්ලස්‌ නානායක්‌කාර

කොත්මලේ වැලන්ඩන් වතු ප්‍රදේශයේ ඉහළ කඳු බිම් ගස්‌ ගල් සහ පස්‌ කඳු, නාය යැමේ තත්ත්වයක්‌ ළඟාවී ඇත.

මේ නිසා මෙම වතු ප්‍රදේශයේ ජීවත්වන පවුල් 52 ක සාමාජිකයන් 240 ක පමණ වන පිරිසක්‌ අවදානම් තත්ත්වයකට මුහුණදී සිටිති. කොළඹ, නුවරඑළිය මහා මාර්ගයට ඉහළින් රම්බොඩ හා තවලම්තැන්න අතර මෙම කඳු ප්‍රදේශය පිහිටා ඇති අතර අවදානමට ලක්‌ව සිටින පවුල් ඒ අවට පාසල් සහ ආගමික ස්‌ථානවල නවාතැන් ගෙන සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.