ලොකු ලූනු මිල ඉහළට

සීගිරිය - සරත් එරමිණිගම්මන

දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 75 දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථාන ව්‍යාපාරිකයෝ පවසති.

පසුගිය සතිය වන විට ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 50-55 අතර විය. දඹුල්ල වෙළෙඳපළට ළඟාවෙන ලොකු ලූනු තොග සීමා සහිත වීම නිසා පවතින ඉල්ලුම ඉහළ යැම මිල ඉහළ යැමට හේතුවී තිබෙන බව ඔවුහු කියති.

මේ වන විට රජය ආනයනික ලොකු ලූනු කිලෝවක්‌ සඳහා රුපියල් 50 ක බදු පැනවීම නිසා ලොකු ලූනු ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී ඇත. මේ නිසා දේශීය ලොකු ලූනුවලට ඉහළ ඉල්ලුමත් සමග දේශීය ගොවියාගේ අත මිට සරුවෙමින් තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.