වැස්‌සෙන් ආපදාවට ලක්‌ වූ
ජනතාවට ආධාර දීමට ඇමැති සූදානම්


චමින්ද සිල්වා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල ගැල්මට ගොදුරුව සිටින මහජනතාවට සහන සැලසීමට තවත් මුදල් අවශ්‍ය නම් දැනුම් දෙන ලෙස තමා අදාළ දිස්‌ත්‍රික්‌කවල දිසාපතිවරුන්ට දැනුම්දී ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (25 වැනිදා) "දිවයින"ට පැවැසීය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල මාතර, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල යම් පිරිසක්‌ පීඩාවට පත්ව සිටින බවට වාර්තාවීමත් සමඟ ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය මුදල් සහ උපදෙස්‌ දිසාපතිවරුන් වෙත ලබාදුන් බවද ඇමැතිවරයා කීය.

ජල ගැල්මෙන් සිදු වූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳ නිශ්චිතව ඊයේ (25 වැනිදා) වන විටත් තමන්ට තොරතුරු වාර්තා වී නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.