කොටස්‌තැරැව්කරුවන්ගේ පිරිවැටුම පහත වැටේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

කොළඹ කොටස්‌ වෙළෙඳ පොළේ කොටස්‌ තැරැව්කරුවන්ගේ සමස්‌ත ආදායම (පිරිවැටුම) මේ වසරේ (2012) පළමු මාස හයේදී සියයට 72 කින් පහත වැටී තිබේ.

මේ අනුව ගිය වසරේ (2011) මුල් මාස හයේදී රු. මිලියන 3542 ක්‌ වූ කොටස්‌ තැරැව්කරුවන්ගේ මුළු ආදායම මේ වසරේ (2012) පළමු මාස හයේදී රු. මිලියන 994 ක්‌ දක්‌වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය.

මේ නිසා 2011 වසරේ පළමු මාස හය සඳහා වාර්තා කළ රු. මිලියන 297 ක බදු පෙර ලාභය සමග සසඳන විට මේ වසරේ පළමු මාස හයේදී රු. මිලියන 443 ක ශුද්ධ පාඩුවක්‌ වාර්තාකර තිබේ. කොටස්‌ තැරැව්කාර කර්මාන්තයේ සමස්‌ත වත්කම් පසුගිය ජුනි මස අග වන විට රු. බිලියන 10.9 ක්‌ දක්‌වා සියයට 36 කින් පහත වැටී ඇතැයිද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.