සැත්කමට ආධාර පතයි

ඡායාරූප හා සටහන - වැලිගෙපොල, ගොඩකවෙල - අජිත් වීරසිංහ

කහවත්ත, මාකඳුර ප්‍රදේශයේ පදිංචි පී. එම්. හෂිනි රුවන්තිකා නමැති පාසල් ශිෂ්‍යාවට කොඳු නාරටියේ හටගෙන ඇති ආබාධයක්‌ හේතුවෙන් හදිසියේ ඇයට ශල්‍යකර්මයක්‌ කිරීමට සිදුවන බවත් ඒ සඳහා රුපියල් හය ලක්‍ෂ විසි පන්දහසක (6,25,000) මුදලක්‌ වැය වන බව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවසති.

අඩු ආදායම්ලාභී පවුලක පාසල් දැරියක්‌ වන ඇයට මෙම මුදල සොයා ගැනීම අපහසු බැවින් ඒ සඳහා හැකි අයගේ උපකාරය අයෑද සිටී. මේ වන විට ඇයගේ නමින් පැල්මඬුල්ල ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 73531057 දරන ගිණුමක්‌ද විවෘත කර තිබේ. වැඩි විස්‌තර දැන ගැනීම සඳහා දැරියගේ පියා වන පී. එම්. එච්. ආර්. උපතිස්‌ස යන අයට දුරකථන අංක 0719596865 දරන අංකයට අමතන මෙන් ඉල්ලා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.