බෝධි කොටුව කඩා නිධන් සොරාගෙන

ඔක්‌කම්පිටිය, මාලිගාවිල, ගල්ටැංමන්ඩිය පුරාණ රජමහා විහාරයේ චෛත්‍යයේ බොAධි කොටුව පෙරේදා (24 දා) රාත්‍රි කඩා නිධන් වස්‌තු රැගෙන ගොස්‌ තිබේ.

චෛත්‍යයේ බෝධි කොටුව සොරුන් විසින් හාරා තිබෙනු දැක ඇති විහාරාධිකාරි දේවානන්ද හිsමියන් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇත.

බුත්තල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වයි.

මොනරාගල රවිඳු ගුණතිලක, මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.