හක්‌කපටස්‌ නිසා ජනතාව බියෙන්

හංවැල්ල - මධුර ප්‍රියන්ජිත්

හංවැල්ල පොලිස්‌ බලප්‍රදේශයට අයත් 457 C වග දකුණ වසමේ අයර් වතුයායට අයත් ඇතැම් ප්‍රදේශවල කිසියම් පිරිසක්‌ විසින් වල් ඌරන් දඩයම් කිරීම සඳහා තබන ලද හක්‌කපටස්‌ කෑමෙන් බල්ලන් හරකුන් වැනි සතුන් ගණනාවක්‌ දරුණු තුවාල ලබා ඇත.

මෙම හක්‌කපටස්‌ පෑගීමෙන් තුවාල සිදුවේ යෑයි බිය පැතිරීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව කිරි කැපීම දර ඇහිලීම ආදී දෛනික කටයුතුවල යෙදීමට ද බිය වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.