නවතම හැඩයකින් සහ විශේෂාංග සමගින්
ඔබ වෙතට එන බජාඡ් ඩිස්‌කවර් 125 ST

සීමාසහිත ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම විසින් නැවතත් ශ්‍රී ලංකාවේ මංමාවත් සඳහා තවත් ජයග්‍රාහී මෝටර් සයිකලයක්‌ හඳුන්වා දී ඇත. ඒ නවතම පෙනුමෙන් යුත් බජාඡ් ඩිස්‌කවර් 125 ST මෝටර් සයිකලයයි.

අදාළ කාණ්‌ඩයට අයත් සෙසු මාදිලිවලට වඩා කැපී පෙනෙන ලෙස වෙනස්‌ වන ඩිස්‌කවර් 125 ST වඩාත් හැඩකාර සහ සුවිශේෂී උපාංග රැසකින් සමන්විතය. කැපී පෙනෙන තාක්‍ෂණික විශේෂාංග සපිරි, ජව සම්පන්න බව සහ බලය අතින් වඩාත් ඉහළ ක්‍රියාකාරීත්වයක්‌ ලබාදීමේ හැකියාවකින් යුතු වන එය දුර ගමනකදීම මෝටර් සයිකලය ලෙස කැපී පෙනෙයි.

ඩිස්‌කවර් 125 ST පෙනුමෙන් ද සුවිශේෂී ලෙස වෙනස්‌ වෙයි. ප්‍රධාන ලාම්පුම සහ ඉදිරිපස කොටස දැකුම්කලු පෙනුමෙන් සමන්විතය. නවතම හැඩයට සැලසුම් කර ඇති ඉන්ධන ටැංකිය විද්‍යානුකූලව සැකසූ මනා හැඩතලවලින් යුතු වන අතර, එමගින් පදවන්නාගේ දෙපා පහසුවෙන් රඳවා ගැනීමේ පහසුව සලසයි. මෙම මෝටර් සයිකලයට වැඩි බලයක්‌ සහිත වැල්ව් හතරේ 4 ස්‌ට්‍රොක්‌ 125 ජජ එන්ජිම, එක්‌ස්‌හෝස්‌ටෙක්‌ තාක්‍ෂණය (Exhaus TEC Technology) සහ වැඩිදියුණු කළ සිසිලන පද්ධතිය වැනි ඉහළ තාක්‍ෂණික විශේෂාංගවලින් සමන්විතය. මෙම වැඩිදියුණු කළ සිසිලන පද්ධතිය මගින් එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවයි.

මෙම විශිෂ්ට විශේෂාංග සමග ඇති වඩාත් ම කැපීපෙනෙන අංගය වන්නේ මෙම මෝටර්සයිකලයේ ඇති පසුපස නයිට්‍රොක්‌ස්‌ මොනෝ ෂොක්‌ඇබ්සෝබර් සහිත සස්‌පෙන්ෂන් (Mono Shock absorber) පද්ධතියයි.

මේ සමඟ ඩිස්‌කවර් 125 ST මගින් ප්‍රථම වරට 125 CC කාණ්‌ඩයට මොනෝසස්‌පෙන්ෂන් පද්ධ තියක්‌ හඳුන්වා දෙයි. නයිට්‍රොක්‌ස්‌ පසුපස මොනෝෂොක්‌ ඇබ් සෝබරය සහ සවීමත් චැසිය මගින් මෙම මෝටර් සයිකලයට මනා හැසිරවීමේ හැකියාවක්‌ සහ සුවපහසුවක්‌ ලබාදෙයි.

මෙම නව මෝටර් සයිකලය ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් වාහන සමාගම මෙන්ම බජාඡ් සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිත දිවයින පුරා ව්‍යාප්ත 1500 කට අධික අලෙවි, සේවා සහ අමතර කොටස්‌ අලෙවි ජාලයකින් සමන්විත සීමාසහිත ඩේවිඩ් පීරිස්‌ මෝටර් සමාගම විසිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.