රේණුකා ෂෝ වොලස්‌ සමාගම
සිය වර්ධන සැලසුම් ඉදිරිපත් කරයි


ආහාර සහ පාන අංශයේ උදාවී ඇති අවස්‌ථා කෙරෙහි විශේෂ අවධානය


රේණුකා ෂෝ වොලස්‌ සමාගම (පෙර හැඳින්වූයේ කොකෝ ලංකා පීඑල්aසී) සිය නව මෙහෙවර සහ ආයතනික අනන්‍යතාව පසුගියදා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හඳුන්වා දුන්නේය.

මෙම පරිවර්තනයත් සමඟම සිය අවධානය මුළුමනින්ම කෘෂි ව්‍යාපාර අංශයේ සිට අංග සම්පුර්ණ ආහාර හා පාන වර්ග සමාගමක්‌ වෙත යොමු කෙරේ. මෙම අංශයේ විශාලතම සමාගමක්‌ බවට පත්වීමේ අරමුණින් රේණුකා ෂෝ වොලස්‌ සමාගම ක්‍රියාත්මක කරන බවද මෙහිදී අනාවරණය විය.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි /විධායක අධ්‍යක්‌ෂ ෂමීන්ද්‍ර රාජයියා මහතා ප්‍රකාශ කළේ "අප සමාගම නිරතව සිටින සම්පුර්ණ ව්‍යාපාර මාලාව සහ අප මුදා හරින අවස්‌ථා අපගේ නව නමින් මනාව පෙන්නුම් කෙරෙයි. තමන් අයත් වන කොටසේ අදාළ ප්‍රමුඛ සමාගම් බවට පත්ව ඇති ආහාර පාන නිෂ්පාදන සහ අලෙවි සමාගම් සමුහයක්‌ මෙයින් එකට එක්‌වෙයි. ශ්‍රී ලංකාවේ පරපුරෙන් පරපුරට වෙළඳ නාම මාලා මගින් ගොඩ නැගු විශ්වාසයේ උරුමය මෙමගින් පෙන්නුම් කෙරේ. අප අපේක්‌ෂා කරන්නේ ගමන්මග තහවුරු කර ගනිමින් අමුද්‍රව්‍ය සහ ඉහල කොටස්‌ දක්‌වා තක්‌සේරු දාමය පාලනය කරමින් අපගේ මෙහෙවර වන - අපගේ දේශීය හා ජගත් පාරිභෝගික සමුහය සෑම දිනකම ප්‍රණිSතව තබා ගනිමු " යන්න සපුරා ගැනීමයි.

නව හඳුන්වාදීමේ දී විශේෂයෙන් අවධානය යොමු කෙරුණේ ගෙදර දොර ප්‍රචලිත වෙළඳ නාම වන කැප්ටන්, ජැක්‌ මැකරල්, කැප්ටන් සෝයා මීට්‌, රේණුකා පොල් නිෂ්පාදන, රිච්ලයිෆ් කිරි නිෂ්පාදන, සන් ගෝල්ඩ් ක්‍ෂණික පාන, චිsයර්ස්‌ පලතුරු යුෂ, ප්ලාසා ටින්මාඵ සහ රේනර්ස්‌ වර්ණක සහ එසෙන්සස්‌ කෙරෙහිය.

තවදුරටත් කරුණු ප්‍රකාශ කළ රාජයියා මහතා කීවේ "රේණුකා ෂෝ වොලස්‌ සමාගමේ නිෂ්පාදන ආයතන පහක්‌, සැකසුම් මධ්‍යස්‌ථාන 09 ක්‌, වැවිලි සමාගම් දෙකක්‌, ගොවි පවුල් පනස්‌ දහසකට වැඩි පිරිසක්‌ සහිත ජාලයක්‌, නවීන ගබඩාවක්‌ සහ සේවා සැපයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන බවයි". රටවල් 61 කට නිෂ්පාදන අලෙවි කරන මෙම සමාගම දිවයින පුරා වෙළඳ සැල් මෙන්ම හෝටල්, භෝජනාගාර, ආහාර සැකසුම් මධ්‍යස්‌ථාන හැට පන්දහසකට පමණ නිෂ්පාදන බෙදා හරියි. මෙම සමාගමේ කෙලින්ම රැකියා සපයා ඇති සංඛ්‍යාව 1240 කි. ව්‍යාපාර ප්‍රති වෙළඳ නාමකරණය සහ සීඝ්‍ර ව්‍යාප්ති යේ ප්‍රතිඵලයක්‌ ලෙස රේණුකා ෂෝ වොලස්‌ සමාගම රුපියල් මිලියන 1008 ක්‌ 2012 දෙසැම්බර් 07 වැනිදා අවසන් කරන හිමිකම් නිකුතුවකින් උපයා ගැනීමට අපේක්‌ෂා කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.