ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සමාගම
නව ලාංඡනය හා තේමා ශීර්ෂය එළි දක්‌වයි


ෆ්ලෙමින්ගෝ ඉන්ටර්නැෂනල් මෙහෙයුම් අධ්‍යක්‌ෂක පී. කේ. තිම්මයියා සහ ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී ව්‍යාපාරික කළමනාකරු ඇලෙක්‌ ඩෙන්බි මහත්වරුන් නවතම සුසුකි මෝටර් රථය ජයග්‍රහණය කළ ජානක ගිර්ධාරිමාල් මහතාට ත්‍යාගය පිළිගන්වමින්

ප්‍රභාත් විතාන

2012 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක ඉලක්‌කයක්‌ වෙත ළ`ගා වීමේ සැලසුම ඇතිව ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සමාගම විසින් සිය නව ලාංඡනය හා තේමා ශීර්ෂය එළි දැක්‌වීම සිදු කෙරිණි. ‘The Duty Free People’ වන නව තේමා ශීර්ෂය සම`ගින් සිය කොටස්‌කරුවන්ට, හවුල් කරුවන්ට හා පාරිභෝගිකයින් හට උපරිම වටිනාමකමින් යුත් සේවාවක්‌ සැපයීමට ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සමාගම අපේක්‌ෂා කරයි.

ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සමාගමේ නව ලාංඡනය හා තේමා ශීර්ෂය එළිදැක්‌වීම පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී සිදු කෙරිණි. ඊට අමතරව මෙම උත්සවයේදී මෑතකදී අවසන් වූ ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී ICC World Twenty20 2012 ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.

නව සමාගම් ලාංඡනය හා සන්නාමකරණය, ඉහළ මට්‌ටමේ වෘත්තිකයින් පිරිසක්‌ විසින් මෙහෙයවෙන ෆ්ලෙමින්ගෝ සමාගමේ ආයතනික සංස්‌කෘතිය හා එහි වටිනාකම් මනාව නිරූපණය කරන්නකි. තිරු බදු රහිත භාණ්‌ඩ අලෙවි කරන සමාගමක්‌ වශයෙන් එක්‌ රටක ආරම්භ වූ ෆ්ලෙමින්ගෝ සමාගම අද වන විට මහාද්වීප 3 ක්‌ පුරා රටවල් 26 ක සාප්පු 118 ක්‌ හිමි සමාගමක්‌ දක්‌වා වර්ධනය වී ඇති අතර වර්ධනය වන නව වෙළෙඳපොළ කෙරෙහිද අවධානය යොමු කරමින් සිටී. සිය වෙළෙඳනාමය ප්‍රතිස්‌ථානගත කිරීම ඔස්‌සේ නව වෙළෙඳපොළ අවශ්‍යතාවයන්ට සරිලන සේවාවක්‌ ලබාදීමට හා සන්නාම අනන්‍යතාවය තවදුරටත් ශක්‌තිමත් කිරීමටත් ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සමාගම අපේක්‌ෂා කරයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවන ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාමය, නව යටිතල පහසුකම් සංවර්ධනය ඇතු`ඵ හේතූන් නිසා මෙරට සංචාරක කර්මාන්තය ශීඝ්‍ර පිබිදීමක්‌ දක්‌වා ඇති අතර වසර 2016 වන විට මෙරටට සංචාරක ආගමනයන් මිලියන 2.5 ක්‌ දක්‌වා ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. බණ්‌ඩාරනායක ගුවන්තොටුපළේදී මෑතකදී විවෘත කෙරුණු ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී වෙළෙඳසැල ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන ක්‍රියාදාමයට ෆ්ලෙමින්ගෝ සමාගම දක්‌වන සහයෝගය ප්‍රකාශයට පත් කරන්නකි.

ෆ්ලෙමින්ගෝ ඉන්ටර්නැෂනල් අධ්‍යක්‌ෂක පෝල් ටොපින්ග් මහතා මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් පැවසුවේ,

"අපේ 15 වසරක ඉතිහාසය සලකුණු කරන අවස්‌ථාවේදී, තීරු බදු රහිත භාණ්‌ඩ අලෙවි කරන ජාත්‍යන්තර සමාගමක්‌ වශයෙන් අප සමාගමේ දැක්‌ම හා ඉදිරි ගමන සංකේතවත් කරන අයුරින් ෆ්ලෙමින්ගෝ ලාංඡනය හා තේමා ශීර්ෂය නව මුහුණවරකින් ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළා යෑයි කියා සිටියේය. මෑතකදී අවසන් වූ ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී ICC World Twenty20 2012 ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස්‌ දක්‌වමින් ෆ්ලෙමින්ගෝ ඉන්ටර්නැෂනල් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‌ෂක පී. කේ. තිම්මයියා මහතා පැවසුවේ,

"ෆ්ලෙමින්ගෝ ඩියුටි ෆ්‍රී සමාගම VISA සම`ග එක්‌ව මෑතකදී අවසන් වූ ICC World Twenty20 2012 තරගාවලිය ඉලක්‌ක කරගෙන දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක්‌ ක්‍රියාත්මක කළා. ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ ක්‍රිඩාවට දැඩි ලෙස ඇලුම් කරන රටක්‌. තරගාවලිය පිළිබඳව ඇතිව තිබූ උෙද්‍යාaගය අපගේ අලෙවිසල් වලට පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට යොදාගැනීමට අපට මේ ප්‍රවර්ධනය තුළින් හැකි වුණා."

ඇමෙරිකන් ඩොලර් 150 ට වැඩි ප්‍රමාණයක භාණ්‌ඩ මිලදී ගත් පාරිභෝගිකයින් සියලු දෙනා හට මෙම ප්‍රවර්ධන තරගයට එක්‌ වීමට අවස්‌ථාව ලැබුණු අතර ටී ෂර්ට්‌ හා තොප්පි, තරග නැරඹීම සඳහා නොමිලේ ප්‍රවේශපත් සහ මෝටර් රථයක්‌ ඇතු`ඵ වටිනා ත්‍යාග රැසක්‌ මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්‌සේ පාරිභෝගිකයින් වෙත තිළිණ විය. මෙම ප්‍රවර්ධන වැඩසටහන මාස දෙකක කාලයක්‌ පුරා ක්‍රියාත්මක වූ අතර වැඩසටහන අවසානයේදී AASL සභාපති ප්‍රසන්න ෙ-. වික්‍රමසූරිය මහතා විසින් ප්‍රථම ත්‍යාගයේ ජයග්‍රාහකයා තෝරා ගනු තිබිණි. ඒ අනුව ජානක ගිර්ධාරිමාල් මහතා අලුත්ම Suzuki Ritz VXi මෝටර් රථයේ සාඩම්බර ජයග්‍රාහකයා ලෙසින් තේරී පත් විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.