නව වෛද්‍ය ඒකකයට අත්තිවාරම් කපද්දී
මාතලේ රෝහල් බිමෙන්
මිනිස්‌ ඇට සැකිලි මතු වේ


සමන් ගමගේ, සීගිරිය - සරත් එරමිණිගම්මන

නව වෛද්‍ය ඒකකයක්‌ ඉදිකිරීම සඳහා මාතලේ මූලික රෝහල් භූමියේ අත්තිවාරමක්‌ කපමින් සිටි පිරිසකට මිනිස්‌ හිස්‌ කබල් දෙකක්‌ හා ශරීර අස්‌ථි රාශියක්‌ හමුවීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මාතලේ මූලස්‌ථාන පොලිසිය පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

මෙම හිස්‌ කබල් දෙක සහ ශරීර අස්‌ථි කොටස්‌ බොහෝ සේ දිරාපත් වී තිබී ඇතිa අතර ඒවා වසර ගණනාවකට ඉහත වළ දැමූ මළ සිරුරු දෙකක කොටස්‌ විය හැකි බව පොලිසිය පවසයි.

රෝහල් භූමියට ආසන්නයේ විශාල මිනී කනත්තක්‌ තිබෙන බව ද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ඇටසැකිලි හමුවීමෙන් පසු මාතලේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ඊයේ (26 දා) පස්‌වරුවේ එම ස්‌ථානයට පැමිණ මූලික පරීක්‍ෂණයක්‌ සිදු කළාය.

මිනිස්‌ අස්‌ථි කොටස්‌ හමුවීමත් සමඟ එම ස්‌ථානය අපරාධ ස්‌ථානයක්‌ ලෙස සළකුණු කර පරීක්‍ෂණ නිම වනතුරු පොලිස්‌ ආරක්‍ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ. මෙම මිනිස්‌ ඇටසැකිලිs කලකට ඉහත මාතලේ රෝහලේ තිබියදී රජයේ වියදමින් වළ දැමූ මළ සිරුරු දෙකක ඒවාද යන්න පිළිබඳ පොලිසියට සැක මතු වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.