අතුරුදන්ව සිටි මාතර වෛද්‍යවරිය හෙට සිට යළි සේවයට

නෝමන් පලිහවඩන

මාතර මහ රෝහලේ නිර්වින්දන වෛද්‍ය එරන්දි කුලසිංහ මහත්මිය සිය මවත්, පියාත් පදිංචි කළුතර පිහිටි නිවසේ දැනට නවාතැන් ගෙන සිටින බව ඊයේ (27 දා) සිදු කළ පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණයවී ඇත.

මෙම වෛද්‍යවරිය අතුරුදන් වී ඇති බවට පසුගිය දිනවල ප්‍රචාරය වුවත් ඇය සිය පියා වෙනුවෙන් පිංකමක්‌ සිදුකිරීමට අනුරාධපුරයට ගොස්‌ සිටියදී පෙරේදා (26 දා) හමුවී තිබේ.

මෙම වෛද්‍යවරිය අද (28 දා) සිට පෙර පරිදි සේවයට වාර්තා කරනු ඇති බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ඊයේ ''දිවයින''ට පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.