කරාපිටිය රෝහල් අධ්‍යක්‍ෂට
මරණීය තර්ජනය කළ පුද්ගලයා දැලේ


ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල

ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාට දුරකථනයෙන් මරණීය තර්ජනය කළ පුද්ගලයා පසුගිය 28 වැනිදා රාත්‍රි ගාල්ල පොලිසිය මගින් කරාපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය මගින් රෝහල් අධ්‍යක්‍ෂවරයාට තර්ජනය කළ දුරකථන අංක ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකොට දුරකථන විශ්ලේෂණ වාර්තාව අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු ළඟ තිබී තර්ජනය කළ දුරකථන කාඩ් සිම්පතද පොලිසිය මගින් පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙකී පුද්ගලයා පෞද්ගලිකව වෛද්‍යවරුන්ගේ රියෑදුරකු වශයෙන් සේවය කරන අයෙකි. මොහුගේ බිරිඳ කරාපිටිය රෝහලේ පෞද්ගලික පවිත්‍රතා ආයතනයක රැකියාව කරන තැනැත්තියකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.