පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට
ගුණාත්මකතාවයෙන් ඉහළ උපකරණ


රනිල් ධර්මසේන

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉහළ ගුණාත්මකතාවයකින් යුත් අධිශක්‌ති විකිරණ, චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම යෝජනාවට ඇමැති මණ්‌ඩලයේද අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා විදේශාධාර මත එක්‌සත් රාජධානියේ සීමාසහිත ඉලෙක්‌ටා සමාගම හා සීමාසහිත පිලිප්ස්‌ ඉලෙක්‌ට්‍රොනික්‌ස්‌ (ඊශ්‍රායල්) සමාගම විසින් ලංකාවේ පිළිකා රෝගීන් සඳහා මෙම උපකරණ සැපයීමේ ඇමරිකානු ඩොලර් 53381701 වටිනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

පිළිකා උවදුර ලංකාවේ මිනිසුන් මියයන දෙවන විශාලතම රෝගය වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.