ආගම බලහත්කාරයෙන්
දරුවකු මත පැටවිය නොහැකි යෑයි
ඉන්දීය අධිකරණයක්‌ තීරණය කරයි


ආගම බලහත්කාරයෙන් දරුවකු මත පැටවිය නොහැකි බව මුම්බායි මහාධිකරණය තීන්දු කර ඇත.

ක්‍රිස්‌තියානි පියකුට දාව හින්දු මවක්‌ විසින් බිහිකරන ලද තුන් හැවිරිදි දරුවකු පිළිබඳ තීන්දුවක්‌ ලබා දෙමින් මුම්බායි මහාධිකරණය මේ තීන්දුව ප්‍රකාශ කර ඇත.

මේ දැරියගේ පියා දැනට සිරගතව සිටින්නේ ඔහුගේ බිරිඳ පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙනි.

පියාගේ පාර්ශ්වයෙන් මේ දැරියගේ අයිතිය ඉල්ලා මහාධිකරණයේ නඩුවක්‌ පවරා තිබූ අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මේ දැරිය කතෝලික ආගමට හරවා ගත යුතු බවත් කතෝලික පාසලක ඉගැන්විය යුතු බවත්ය. කෙසේ නමුත් පියාගේ පාර්ශ්වයේ ඉල්ලීම මහාධිකරණය මගින් ප්‍රතික්‍ෂේප කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.