රට යවන එක නවත්වන්න සමහරු
"පාර්ලිමන්ට්‌ ජෝක්‌ස්‌" කරනවා

- ඇමැති ඩිලාන් පෙරේරා

ශිරාන් රණසිංහ

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන අංශ අතර පෙරමුණට පත්ව තිබෙන විදේශ රැකියා ක්‌ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් ලබන වසරේÊනිවාස ව්‍යාපෘතියක්‌ ඇරැඹීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අයවැය යෝජනා මගින් රුපියල් ලක්‌ෂ දහසක්‌ වෙන්කර ඇතැයි විදේශ රැකියා හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව ලබන වසරේ රණවිරු නිවාස ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇතැයි කොළඹ දිස්‌ත්‍රික්‌ රටවිරු සංවිධානය පිහිටුවමින් ඊයේ (11 වැනිදා) කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී ඇමැතිවරයා කියා සිටියේය.

රණවිරුවන් රටට නිදහස දිනාදී රට එක්‌සේසත් කළා සේම රට රැකියාවල නිරත වූවන් රටේ ආර්ථිකයේ කොඳුනාරටිය බවට පත්වෙමින් කරන සේවය අගයන ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ රට රැකියාවල නිරතවූවන් "රට විරුවන්" ලෙස පසුගිය වසරේÊදෙසැම්බර් 18 වැනිදා අභිෂේක කළ බවද ඇමැතිවරයා එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර සාමාන්‍යාධිකාරී එච්. බටගොඩ යන මහත්වරු පළාත් සභා ඇමැති රේණුක පෙරේරා, "රටවිරු" පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

සමහරු රට යවන එක තහනම් කරන්න කියලා පාර්ලිමේන්තුවේ පාර්ලිමන්ට්‌ ජෝක්‌ස්‌ කරනවා. අපි රට ගොස්‌ අමාරුවෙන් මුදල් උපයන රටවිරුවන්ගේ මුදලින් සංගීත සංදර්ශන කරන්නේ නෑ. අපි ඒ අය වෙනුවෙන් ලබන වසරේÊනිවාස ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරනවා.

රට යන නුපුහුණු කාන්තා ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් රට යවන්න, වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හා කාර්මික විද්‍යාල සමග නව ගිවිසුම්වලට එළැඹුණා. රටපුරා යමින් රටවිරු සංවිධාන පිහිටුවලා රටවිරු පවුල්වල සුබසාධනය, ආර්ථිකය, ස්‌වයං රැකියා අවස්‌ථා සලසන්න මාර්ගෝපදේශනය ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා.

මෙහිදී කතාකළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා,

රට රස්‌සා තහනම් කරන්න කියලා සමහරු කියනවා. අපි පසුගිය දවසක රට යන අයගෙන් ඇහුවා රට රස්‌සා තහනම් කරනවට කැමැතිද කියලා. ඒ අය විරුද්ධයි. අපි කළ යුත්තේ රට රස්‌සා නතර කිරීම නෙවෙයි පුහුණු ශ්‍රමිකයෝ උසස්‌ රැකියාවලට යෑවීමයි. 2020-2025 වන විට කාන්තාවන් රට යන ප්‍රමාණය සියයට විස්‌සකට අඩු කරලා, පිරිමි ශ්‍රමිකයන් සියයට අසූවක්‌ රට යෑවීම අපේ සැලසුමයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.