නීති විද්‍යාලයේ තීරණයට
ඇමැති හකීම්ගේ සම්බන්ධයක්‌ නෑ
මාධ්‍ය ලේකම් කියයි

2013 නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි මුස්‌ලිම් ජාතික සිසුන් 78 දෙනකු සමත් කරවීම නීති විද්‍යාලය විසින් ගත් තීරණයක්‌ වන අතර එයට අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතාගේ කිසිදු සම්බන්ධයක්‌ නැතැයි ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් ඒ. ආර්. ඒ. හෆීස්‌ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මෙවර නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතුරින් සමත් වූ මුල් 50 දෙනා අතර මුස්‌ලිම් සිසුන් 28 දෙනකු සිටීම හා මුස්‌ලිම් සිසුන් තිදෙනකු ඉහළ ලකුණු ලබා සමත්වීම අසාමාන්‍ය තත්ත්වයක්‌ බවත් එම තත්ත්වයට හේතුවී ඇත්තේ මුස්‌ලිම් ජාතික භාෂා පරිවර්තකයන් විසින් එම සිසුනට ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසියෙන් සඳහන්ව ඇති ප්‍රශ්න දමිළ භාෂාවට පරිවර්තනය කිරීමේදී තොරතුරු ලබා දීම බවට ජාතික බුද්ධි මණ්‌ඩලයේ සභාපති බන්ධුල චන්ද්‍රසේකර මහතා විසින් චෝදනා කර තිබිණි. චන්ද්‍රසේකර මහතාගේ එම චෝදනාව හේතුවෙන් මේ වනවිට නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි අධිකරණ ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් වෛද්‍ය ඒ. ආර්. ඒ. හෆීස්‌ මහතා පවසයි.

අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්‌ෂේප කර සිටින බවත් නීති ප්‍රවේශ විභාගය හා විද්‍යාලයට සිසුන් ඇතුළු කිරීම සම්බන්ධ සියලු තීරණ ගනු ලබන්නේ නීති අධ්‍යාපන මණ්‌ඩලය යටතේ පාලනය වන නීති විද්‍යාලයෙන් බවත්, ඇමැතිවරයා සිදුකරනුයේ නීති අධ්‍යාපන මණ්‌ඩලයට සාමාජිකයන් පත් කිරීම පමණක්‌ බවත් හµSස්‌ මහතා සඳහන් කර සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.