2013 ජනවාරි 11 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

අලුත්කඩේ උණුසුම්

අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීමට විරුද්ධව හා පක්‍ෂව උද්ඝෝෂණ පැවැත්වීමට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට රැස්‌වූ දෙපිරිසක්‌ අතර ඊයේ (10 දා) දැඩි ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති විය.


හිරේ කඩාගෙන
10 ක්‌ පනිති


අවිස්‌සාවේල්ල රිමාන්ඩ් බන්ධ නාගාරයේ රඳවා සිටි දරුණු ගණයේ අපරාධකරුවන් දස දෙනෙකු ඊයේ (10) අලුයම බන්ධනාගාර නිලධාරීන්ට පහරදී ඔවුන් සිරකර පලාගොස්‌ ඇත.

සා.පෙළ. විද්‍යා ප්‍රශ්න පත්‍ර සොරකමේ පස්‌දෙනා යළි රිමාන්ඩ්

මෙම විමර්ශන කටයුතු අවසන් වනතුරු සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

රිසානාගේ මරණයෙන්
ගමම මළගමක්‌ වෙයි

'අක්‌කා රට ගියේ තාත්තා දුක්‌ විඳිනවා බලාගෙන ඉන්න බැරි නිසයි'
- රිසානාගේ මල්ලී කියයි


ජීවිතය බේරා දෙන ලෙස මුළු ලෝකයම ඉල්ලා සිටියදී සෞදි අරාබියේ ශාරියා නීතියට අනුව මරණ දඬුවම නියම වූ රිසානාගේ නිවසට අප ගියේ පෙරේදා (9 දා) ය. ඒ යනවිටත් දියණිය අහිමිවීමේ ශෝකය දරාගත නොහැකිව වැළපෙන රිසානාගේ මවගේ හඬ දසත රැව් දුන්නේය.

කැලණි ඝාතනයේ සැක කරුවන් 5 දෙනා 17 දා තෙක්‌ රිමාන්ඩ්

හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩං ගුවට ගත් සිංගප්පූරු සරත් ඇතුළු සැකකරුවන් පස්‌දෙනා ලබන 17 දා දක්‌වා රිමාන්ඩ් කරන ලෙස මහර අධිකරණයේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් සහන් මාපා බණ්‌ඩාර මහතා විසින් ඊයේ නියෝග කරන ලදී.

රිසානාට යුක්‌තිය ඉටුකිරීමට බැරි වූ රජයට විරෝධය පළ කරනවා
- අයිතීන් උදෙසා කාන්තාවෝ

කටින් බතල හිටවන විදේශ ඇමැති සහ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම අවශ්‍ය ප්‍රමාණයට සිදු නොවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස රිසානා දියණියට මරණය කැන්දන් ඒමට රජය කටයුතු කර ඇත.

රිසානාගේ මරණයේ ප්‍රධාන වගඋත්තරකරු ධනපති ක්‍රමය රකින රාජපක්‍ෂ පාලනයයි
- ජ. වි. පෙ. නිවේදනය කරයි

රිසානාගේ මරණයේ ප්‍රධාන වගඋත්තරකරු වන්නේ, ඇගේ පවුලේ අය ඇතුළු ශ්‍රී ලංකාවේ පවුල් ලක්‍ෂ 40 ක්‌ ගිල්වනු ලැබ ඇති දරිද්‍ර තාවයයි. ඒ දරිද්‍රතාවය ගෙන ආ ධනපති ක්‍රමය ආරක්‍ෂා කරන මහින්ද රාජපක්‍ෂ පාලනයයි.

මර්වින්ගේ සම්බන්ධීකරණ ලේකම්ලා ඉවත් කළත් ඔවුන් ගැන සොයන්න
- කැලණියේ මන්ත්‍රීවරු පොලිස්‌පතිට ලියති

අපරාධවලට සහ විවිධ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ මෙම පිරිස හදිසියේම ඉවත් කිරීම සැකයට හේතුවන බවද කී සභාපතිවරයා ඔවුන් අතර පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කප්පම් ගැනීම ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ද සිටින බව කියා සිටියේය.

2012 දී 1919 ට ඇමතුම් පහළොස්‌ ලක්‍ෂයක්‌

වැඩිම දුරකථන ඇමතුම් ගණනක්‌ ලැබී ඇත්තේ දුම්රිය දෙපාර්ත මේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්ත මේන්තුව, ශ්‍රී ලංකා පොලිසීය යන ආයතනවලට අදාළව බව ද නියෝජිතායතනය කියයි.

ව්‍යාජ ඩොලර් මුද්‍රණයට යොදා ගන්නා කඩදාසි තොගයක්‌ ගුවන්තොටේදී අල්ලයි

එම කඩදාසිවල ඇමරිකානු ඩොලර් මුදල්වලට සමාන ඡායාවන් සටහන් වී තිබූ බැවින් ගුවන් තොටුපළ බැංකුව වෙත ඒවා ඉදිරිපත් කොට ඇත.

දෝෂාභියෝගයට පක්‍ෂ විපක්‍ෂ පිරිස්‌ ගැටෙති:
විරෝධතා අතර මැර ප්‍රහාරයක්‌.........


දෝෂාභියෝග විවාදය කල් දැමීමට එජාපය කළ ඉල්ලීම ඉවතට

දෝෂාභියෝග චෝදනා විමර්ශනය කළ විශේෂ කාරක සභා වාර්තාවේ මුද්‍රිත පිටපත් තමන්ට නිසි ලෙස ලබා දී නොමැති නිසා ඊට අදාළ විවාදය මසකින් කල් දමන ලෙසට එක්‌සත් ජාතික පක්‍ෂය කළ ඉල්ලීම කථානායක චමල් රාජපක්‍ෂ මහතා ප්‍රතික්‍ෂේප කළේය.

රිසානාගේ පවුලට
නව නිවසක්‌

සෞදියේදී ගෙල සිඳ මරා දමන ලද රිසානා නµSක්‌ගේ දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට ත්‍රිකුණා මලයේ මුතූර්හි නව නිවසක්‌ ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ අවධානය යොමුවී තිබේ.

දෝෂාභියෝගයට එරෙහි වී අධිකරණ කටයුතු ඇනහිටී


දෝෂාභියෝගයට එරෙහිව අගවිනිසුරුවරියට සහය පළකරමින් මහව මහෙස්‌ ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවැති විරෝධතා නිසා උසාවියේ කටයුතු සම්පූර්ණ යෙන්ම ඇනහිටියේය.

දෝෂාභියෝගයට සහාය පළකරමින්


දෝෂාභියෝගයට සහය පළ කරමින් කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ඇතුළු පිරිස පා ගමනක නිරත වූ අයුරු.

අගවිනිසුරුවරියට එරෙහි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීරණ බලරහිත කළ අභියාචනාධිකරණයට අපේ ගෞරවය හිමිවෙනවා
- හිටපු හමුදාපති සරත් ෆොන්සේකා

දුරාචාරයේ යෙදෙන ඇමැ තිවරයකුගේ වුවමනාවකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඝාතනය කළ බවද, පොලිසිය එහි වගකීම වෙන දිශාවකට යොමු කරමින් සිටින බවද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.


මරණයට ගොදුරු වූ අපේ රිසානා

තම දියණියව බේරා ගැනීමේ අරමුණින් රිසානාගේ මව් පියන් ළදරුවාගේ මව්පියන් වෙත ලිපියක්‌ ද යවා තිබූ බව අනාවරණය වී විය. එහෙත් එම ලිපියට ද නිසි ප්‍රති චාරයක්‌ ලැබී නැත.


පාසල් නොගොස්‌ නිවසක පෙම් සුව
විඳිමින් සිටි යුවළ අත්අඩංගුවට

පෙම්වතා අධික බීමතිනුත් සිටලා....

කළුතර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනකු නිරුවතින් නිවසක කාමරයක්‌ තුළ රැඳී සිටියදී......

නීතියක්‌ නැති රටකට ආයෝජකයන් එන්නේ නෑ
ශ්‍රී ලංකාවට පැමිණි ආයෝජකයන්
ටික දෙනාත් ආපසු යන්න යනවා

- ආචාර්ය හර්ෂ ද සිල්වා

දැන් ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණයක්‌ ගන්න හදනවා. එම ණය මුදල ඊ. එෆ්. එෆ්. කාණ්‌ඩයේ ණයක්‌. මෙවැනි විදියට ඊ. එෆ්. එෆ්. ණය ලබාදෙන්නේ රටක ආර්ථික ව්‍යqහයේ දුර්වලතා නිසා මධ්‍ය කාලීන ගෙවුම් ශේෂයේ දැඩි අර්බුදයකට ලක්‌වූ විටයි.

  • ජාතිය කෙට්‌ටු වීමේ ඛේදවාචකය

    බටහිර වෛද්‍යවරයාත් මේ අපරාධයට සෘජුවම දායක වී ඇති බව පෙනේ. මනුෂ්‍ය ස්‌ත්‍රිය හැරුණු විට සකල සත්ත්ව ලෝකයේම ස්‌aවාභාවික ලෙස පැටවුන් බිහි කරද්දී සිංහල මවුවරුන් පමණක්‌ සැත්කම් මගින් දරුවන් බිහි කිරීමට උනන්දු වන බවක්‌ ද පෙනේ.

  • ඔස්‌ටේ්‍රලියා - ශ්‍රී ලංකා එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය - 1
    ශ්‍රී ලංකාව පස්‌ වසරක්‌ මෙල්බර්න් හි අපරාජිතයි

    මෙල්බන් හී සිටින දහදාහකට අධික ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයින් අද තරගයට නැරඹීමට සූදානමින් සිටින අතර එය ශ්‍රී ලංකා කණ්‌ඩායමට විශේෂ දිරිගැන්වීමක්‌ වේ. කෙසේ වෙතත් මෙල්බර්න් ක්‍රීඩාංගණයේ ලක්‍ෂයකට පමණ තරග නැරඹීමේ අවස්‌ථාව ඇති බැවින් විශාල ප්‍රෙAක්‍ෂකයන් පිරිසක්‌ ඉදිරියේ අද තරගය පැවැත්වෙනු ඇතැයි අපේක්‍ෂිතය.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.