බංග්ලාදේශයේ 80ක්‌ අධික ශීතලෙන් ජීවිතක්‍ෂයට

බංග්ලාදේශයේ පවත්නා අධික ශීතලට හසුවී පුද්ගලයන් 80 දෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූ බව ඒජන්සි වාර්තා දක්‌වයි.

ඇතැම් ප්‍රදේශ හිමෙන් වැසී ගොස්‌ තිබෙන අතර උග්‍ර ලෙස දැරිය නොහැකි බව පවතින ශීතල නිසා පකිස්‌තානයෙන් නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ හටගෙන තිබෙන දරුණු ශීත කාලගුණය මෙය වෙයි. තදින්ම මෙම තත්ත්වය බලපා තිබෙන්නේ උතුරු ප්‍රදේශයටය. සෙල්සියස්‌ අංශක 3 (පැරන්හයිට්‌ 37.4) දක්‌වා පහත වැටී තිබෙන බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මීට පෙර මෙතරම් පහත වැටී තිබුණේ (සෙල්සියස්‌ අංශක 3) 1988 දීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.