2013 ජනවාරි 21 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Circulation
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
"මත" එපා කරවන දොස්‌තර මත් පෙති විකුණා අත්අඩංගුවට
පුනරුත්ථාපන ලේබලයේ පැටිකිරිය හෙළිවෙයි
සැකකරුට ඇති වෛද්‍ය සහතික ගැන පරීක්‍ෂණ
හෙරොයින්වලට ඇබ්බැහි වූ මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීමේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන යමින් මත්ලෝලීන් මත් කරවන බටහිර ඖෂධ වර්ග තොග වශයෙන් අලෙවි කළ වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු සහ අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ඖෂධ වර්ග...

ළමා නිවාසයට යන්න බෑ ෆාදර් මට ගහනවා
10 හැවිරිදි දරුවා අධිකරණයේදී කියයි

"ළමා නිවහනට යන්න බැහැ. ෆාදර් මට ගහනවා" යෑයි මග්ගොන දොන් බොස්‌කෝ ළමා නිවාසයෙන් පැනවිත් කළුතර බස්‌ නැවතුම්පළේ සිටියදී පොලිස්‌ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් ක....

සවුදියේ ශ්‍රී ලංකා තානාපතිට එන්න කීවත් ආවේ නෑ

සවුදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියදී ගෙල සිඳ මරා දමනු ලැබූ රිසානා නෆික්‌ගේ සිද්ධියට විරෝධය පළකරමින් සෞදි අරාබි ශ්‍රී ලංකා තානාපතිවරයා වහාම ගෙන්වීමට රජය තීරණය කරනු ලැබුවත් ඊයේ (20 වැනිදා) වන විටත් ඔහු එරට තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

පැය 48ක්‌ රඳවා ගැනීම
"අපි විරුද්ධයි"  එජාපය කියයි
"වැඩදායකයි"  රජය කියයි

සැකකරුවන් පැය 48 ක්‌ පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදහස්‌ කිරීම පිළිබඳව විපක්‍ෂය තරයේම විරුද්ධත්වය පළකරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා "දිවයින"ට පැවැසීය.

අනතුරින් සරසවි ශිෂ්‍යයා මරුට

මහනුවර අරුප්පොලදී වැලි ලොරියක්‌ හා යතුරුපැදියක්‌ එකිනෙක ගැටීමෙන් සිදුවුණු අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍යයකු ජීවිතක්‍ෂයට පත්වී ඇත.

විභාග ප්‍රතිඵල දීම නව ක්‍රමයකට
මින් ඉදිරියට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක ආයතනයේ උපදේශකත්වය ලබාගැනීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සේල චෛත්‍යයට බුරුමයෙන් රු.කෝටියක චූඩා මාණික්‍යයක්‌
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ ඉපැරණි අම්බස්‌ථල චෛත්‍යයේ පැළඳවීම රජයේ මියෑන්මාර් (බුරුම) රාජ්‍යයේ දානපතියන් පරිත්‍යාග කළ චූඩා මාණික්‍යය මිහින්තලා රජමහ විහාරස්‌ථානයට වැඩම කරවූ අයුරු. මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්, උතුරුමැද පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර ජයලත් ජයවර්ධන හා ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් යන මහත්වරු ද මෙහි වෙති. ඡායාරූප - පර්සි කුරුනේරු

'නේවි සුදා' මරා දමයි

පන්නල බෝවත්ත සියඹලාගහමුල ප්‍රදේශයේදී ඊයේ (20 දා) උදේ 8.30 ට පමණ "නේවි සුදා" නමින් ප්‍රකටව සිටි පුද්ගලයකු කඩුවකින් කපා කොටා ඝාතනය කර ඇති බව පන්නල පොලිසිය කියයි.

කුරුණෑගල චූල පත්මේන්ද්‍ර පැහැරගෙන මහමග දමයි

කුරුණෑගල නව කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ඩී. ඇම්. අජිත් චූල පත්මේන්ද්‍ර මහතා ඉකුත් 18 දා උදෑසන කුරුණෑගල නව බස්‌ නැවතුම්පළේදී කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ අත පය බැඳ දමා අඹේපුස්‌ස කුරුණෑගල පාරේ දමාගොස්‌ සිටියදී 20 දා අලුයම වරකාපොල පොලිසියට හමු වී තිබේ.

කන බොන දෑ
ප්‍රචාරයට පෙර අනුමැතිය ගැනීම අනිවාර්යයි

මින් ඉදිරියට කිසියම් ආයතනයක්‌ ආහාරපාන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නම් එම දැන්වීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


 
  • වම්ඉවුර
    අධිකරණයේ ස්‌වාධීනත්වයට හානියක්‌ සිදු වීද?

    ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා හැටියට මොහාන් පීරිස්‌ මහතා පත්වී සිටී. ඔහු ඉදිරියේ ඇති කාර්යභාරය ඊට කලින් සිටි 43 දෙනාටම තිබුණු අභියෝග එකට එක්‌ කළාටත් වඩා වැඩි යෑයි කිව හැක. කලින් සිටි අගවිනිසුරුවරිය දැනටමත් ආගිය අතක්‌ නැති සේය. දැන් කාගේත් ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එළවළු මිල වැනි කාරණාය. නමුත් හිටපු අගවිනිසුරුවරිය විසින් විනාශ කරන ලද ආයතනය බාර ගැනීමට සිදුවී ඇත්තේ මොහාන් පීරිස්‌ටය.

  


 
  • වැසි අවාසිය ඔස්‌ටේ්‍රලියාවට

    තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සිඩ්නි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ ඊයේ (20 දා) පැවැති සිව්වැනි තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත විසඳුමකින් තොරව අවසන් විය. අදාළ තරගය විසඳුමකින් තොරව නිමවීම මත ඔස්‌ටේ්‍රලිsයානු පිල තරගාවලිය 1-2 ක්‌ ලෙස පසුපසින් සිටින බැවින් තරගාවලිය අපරාජිතව අවසන් කර ගැනීමට නම් ලබන 23 වැනිදා හෝබාර්ට්‌ හි පැවැත්වෙන පස්‌වැනි සහ අවසන් එක්‌දින තරගයේ ජය ඔස්‌ටේ්‍රලිsයානු පිලට අනිවාර්ය වනු ඇත.

  

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.