කුමන්ත්‍රණකාරී තරග බලධාරීන්
ශ්‍රී ලංකා ඓතිහාසික ජයග්‍රහණය උදුරා ගත්තේද?

චමිල කරවිට ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට

එක්‌දින තරගාවලිය 2-1 ක්‌ ලෙස පසුපසින් සිටිමින් තරගාවලිය පරාජයට පත්වීමේ අවදානමට ලක්‌ව සිටින ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම, අදාළ අවදානමෙන් මිදවීමේ අරමුණ ඇතිව තරගයේ විනිසුරුවන් මෙන්ම තරග තීරකවරයා කටයුතු කළේද යන්න දැන් මාතෘකාවට බඳුන්වී තිබේ.

ලකුණු 223 ක ජයග්‍රාහී ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම පන්දුවාර 3 කුත් පන්දු 2 කදී ලකුණු 14 ක්‌ ලබා සිටියදී ඇතිවූ වර්ෂාවත් සමග පැය 2 ක පමණ කාලයක්‌ ගතවුවත් තරගය නැවත ආරම්භ කිරීමට විනිසුරුවන් හෝ තරග තීරකවරයා කටයුතු නොකළේය. ඒ අවස්‌ථාව වන විටත් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දැවී නොගොස්‌ තිබූ බැවින් යම් ලෙසකින් තරගය ආරම්භ කළේ නම් ශ්‍රී ලංකා පිලට වඩාත් පහසු ඉලක්‌කයක්‌ හිමිවනු ලබන අතර එය මෙම තරගය ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පිලට වාසිදායක වනු ඇත.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ නම් ඔස්‌ටේ්‍රලියානු පිලට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී ද්වී පාර්ශ්වික එක්‌දින තරගාවලි දෙකක්‌ ජයගත් පළමු රට වශයෙන් ඉතිහාස ගත වනු ලබන අතර එම වටිනා අවස්‌ථාව අහිමි කිරීම අරමුණු පෙරදැරිව මෙම තරගය නොපැවැත්වීමට කටයුතු යෙදුවේද යන්න ඉහතින් සඳහන් කරන ලද කාරණයට ආසන්නතම හේතුව වී තිබේ.

එමෙන්ම ලොව ඇති ක්‍රිකට්‌ ක්‍රීඩාංගණ අතුරින්a සුපිරිම ගණයේ ලා සැලකෙන සිඩ්නි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී වර්ෂාව ඇතිවීමේදී යොදගනු ලබන නවීන උපකරණ මෙන්ම ජලය බැස යැම වෙනුවෙන් භාවිත කරන නවීනතම පද්ධති තිබියදීත් වර්ෂාව නිමා වී මිනිත්තු 90 ක පමණ කාලයක්‌ ගතවනතුරුත් ක්‍රීඩාංගණය සූදානම් කිරීමට නොහැකිවීම අදහාගත නොහැකි තත්ත්වයකි.

අදාළ තරගාවසානයේ මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවා සඳහන් කර සිටියේ, මීට වඩා වැසි තත්ත්වයන් යටතේ වුවද තමන් ඇතුළු කණ්‌ඩායම තරග කර තිබෙන බවය.

zඇත්ත වශයෙන් විනිසුරුවන් විසින් ගත්ත තීරණයට මට මුකුත් කියන්න බැහැ. නමුත් මෙම තත්ත්වය ඉතාම කනගාටුදායක තත්ත්වයක්‌. හේතුව සිඩ්නි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය වගේ ක්‍රීඩාංගණයක මේ තරගය අපිට ගෙනියන්න පුළුවන්කමක්‌ තිබ්බා. ශ්‍රී ලංකාවේදී වර්ෂාව මේ වගේ ආවානම් ආවරණ වලින් මුළු ක්‍රීඩාංගණය වහනවා. ඒ වගේ දෙයක්‌ මේකෙදි දකින්නට ලැබුණේ නැහැ. එහෙම කළා නම් මේ තරගය අපිට පවත්වන්න තිබුණා. ඒක එක හේතුවක්‌ මේ තරගය අතර මග නවතා දමන්නZ යනුවෙන් ජයවර්ධන පැවැසීය. zඅපි නවසීලන්තය සමග මීට මාස 3 කට පෙර ක්‍රීඩා කළ තරගය සහ මේ තරගය අර්ථ කථනය කරද්දී තරමක්‌ වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නවා. නමුත් අපි මීට වඩා වැසි තත්ත්වයන් අයි. සී. සී. ලෝක කුසලාන තරගාවලියේදී පවා තරගවලට ක්‍රීඩා කර තිබෙනවා. කොහොම වුණත් මේ පිළිබඳව මීට වඩා කාර්යක්‌ෂමතාවක්‌ දක්‌වන්න ඕනZ යනුවෙන් සඳහන් කරයි.

මේ සම්බන්ධව zදිවයිනZට අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ප්‍රධානියෙක්‌, zඅපිට අයි. සී. සී. එකෙන් කියලා තියෙන්නේ ග්‍රවුන්ඩ් එක ඩේන්ජර් නැත්නම් අනිවාර්යයෙන්ම මැච් එක ගහන්න ඕන. එහෙම නැතුව නිකම්ම නවත්තන්නන් වාලේ තරග නවත්තන්න බැහැ. මට මතකයි අපි නවසීලන්තය සමග පල්ලෙකැලේ පැවැති තරගයකදී ඔය වගේ දෙයක්‌ වුණා. ඒ තරගයේ විනිසුරුවරයා ලෙස කටයුතු= කළේ සිම්බාබ්වේ ජාතික zඇන්ඩි පයිකොµaට්‌Z. එහිදී ඔහු කිව්වේ ග්‍රවුන්ඩ් එක්‌ ක්‍රීඩකයන්ට අනතුරුදායක ලෙස හැසිරෙන්නෙ නැත්නම් අනිවාර්යයෙන්ම තරගය පවත්වන්න ඕනෙයි කියලා. මට කියන්න තියෙන්නේ මේ තරගයේදී අපිට හොඳටම තේරුණ දෙයක්‌ තමයි අපිට එක නීතියක්‌ ඔස්‌ටේ්‍රලියාවට තව නීතියක්‌ කියන එකZ යනුවෙන් පැවැසූ හෙතෙම zඔය කියන විදිහේ දෙයක්‌ අපේ අතින් ලංකාවේදී සිද්ධ වුණා නම් මොකද වෙන්නේ...?Z වශයෙන් ප්‍රශ්න කළ සිටියේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.