හමුදා නිල ඇඳුමට ඇති බිය සාමාන්‍ය ජනජීවිතයට බාධාවක්‌
- මැල්කම් කාදිනල් රංජිත් තුමා

සිරිමන්ත රත්නසේකර

යළි පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන ක්‍රියාවලියේ ඇතැම් ප්‍රදේශවල හමුදා සාමාජිකයන් කටයුතු කරන ආකාරය හදවතට මහත් සැනසීමක්‌ වුවද හමුදා නිල ඇඳුමට ඇති බිය සාමාන්‍ය තත්ත්වය ඇති කිරීමෙහිලා අවහිරයක්‌ වී ඇති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් තුමා සඳහන් කරති.

එහෙයින් ඉතා ඉක්‌මනින් හා කඩිනමින් පළාත් පාලන ක්‍රියාදාමයන් සහ උතුරු පළාත් සභාව යළි පිහිටුවීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කරන එතුමන් යළි පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී දැක්‌ම නොමැතිවීම කනස්‌සල්ලට කරුණක්‌ බවත් ප්‍රකාශ කරති.

උතුරේ සහ නැගෙනහිර පීඩාවට පත් ජනතාවගේ මතය සහ හදවත සුවපත් කිරීම සඳහා තවත් බොහෝ දැ කළ යුතුව ඇති බවත් සඳහන් කරන මැල්කම් කාදිනල් රංජිත් තුමා ඔවුන් පෙළෙන දුක්‌ගැණිවලින් එතෙර වන්න මඟක්‌ තිබිය යුතු බවත් සඳහන් කරයි.

උගත් පාඩම් ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ යළි සමගිවීමේ ක්‍රියාවලියට වඩාත් බරපතළ ලෙස යොදා ගත යුතුව ඇති බවත් එමගින් උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යqහය වඩා ශක්‌තිමත් කර ගෞරවනීය දේශපාලන විසඳුමක්‌ ඔස්‌සේ සැබෑ එකමුතුවක්‌ තහවුරු කිරීමට අවකාශ සැලසෙන බවත් පවසති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.