අනුපමා ඩුබාහිදි දිවි නසා ගනී

කීර්ති වර්ණකුලසූරිය

ඩුබායි හි සිව්මහල් ගොඩනැඟිල්ලකින් පැන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වූ අනුපමා සියදිවි නසාගෙන ඇත.

විසිහය හැවිරිදි අනුපමා සිව් මසකට පෙර ඩුබායිහි ජෙන් පර්යෙන්ට්‌ සමාගමේ සේවයට බැදී තිබේ. මෙම මරණය ගැන ඩුබායි
පොලිසිය සැක පළ කිරීම නිසා අනුපමා සමඟ නවාතැන්පලේ සිටි අමිලා නමැත්තිය අත්අඩංගුවට ගෙන ඇත.

හින්දි භාෂාව මැනවින් කතා කළ හැකි අනුපමා සියදිවි නසාගැනීමට මුල්වූ හේතුව හෙළිවී නැත.

මේ අතර ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ඇය සේවය කළ ස්‌ථානයේ ප්‍රධානියා නිරතුරුවම ඇයට හිරිහැර කළ බවට වාර්තා වී ඇති බවයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.