අල්කයිඩා හා තලේබාන් ත්‍රස්‌ත සංවිධාන ලංකාවේ තහනම් කිරීමට යයි

රනිල් ධර්මසේන

අල්කයිඩා හා තලේබාන් ත්‍රස්‌ත සංවිධාන ලංකාවේ තහනම් කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

මේ පිළිබඳව විවිධ යෝජනා හා අදහස්‌ ආණ්‌ඩුවට ලැබී ඇති නමුත් කිසිදු අවසන් තීන්දුවක්‌ ගෙන නැතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

මේ රට තුළ කිසිදු ආකාරයක ත්‍රස්‌තවාදයකට ඉඩ නොලැබෙන බවද ඊයේ (31 වැනිදා) කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.