පාප් වහන්සේ ඉල්ලා අස්‌වෙති

XVI වැනි බෙනඩික්‌ට්‌ පාප්වහන්සේ මෙම මස 28 වැනිදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වන බව ඊයේ (11 වැනිදා) නිල වශයෙන් දැනුම් දී ඇත.
සෞඛ්‍යමය හේතූන් මත මෙම තීරණය ගත් බව උන්වහන්සේ සඳහන් කර තිබේ. 2005 වසරේ අප්‍රේල් මස 19 වැනිදා පාප් ධුරයට පත් උන්වහන්සේ 2013 අප්‍රේල් මස දක්‌වා වසර 08 ක කාලයකට පත්වූහ.
පාප් වහන්සේ

85 වැනි වියේ පසුවන උන්වහන්සේ සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය නිකුත් කරමින් පවසා ඇත්තේ තමා තුළ පවතින අසනීප තත්ත්වය නිසා ධුරයෙහි පූර්ණ කාලීනව කටයුතු කිරීමට හැකියාවක්‌ නොමැති බවයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.