පාප්තුමාගේ සේවය අගයන්න පාර්ලිමේන්තුවේ පැය 2 ක්‌ දෙන්න
විපක්‍ෂ නායක රනිල්ගෙන් කථානායකට ලිපියක්‌


අකිත පෙරේරා

දහසය වැනි බෙනඩික්‌ පාප් වහන්සේ විසින් කතෝලික ප්‍රජාවට කරන ලද සේවය ඇගයීම වෙනුවෙන් මෙම 19 වැනිදා හෝ 20 වැනිදා යන දිනකදී පාර්ලිමේන්තුවේදී පැය දෙකක කාලයක්‌ වෙන් කරන ලෙස ඉල්ලා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක චමල් රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යවා ඇත.

මේ සඳහා අගමැතිවරයා සහ පක්‍ෂ නායකයන් දැනුවත් කොට ඒ සඳහා කටයුතු සලසන ලෙස ද විපක්‍ෂ නායකවරයා ඊයේ (13 වැනිදා) යෑවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.