විදේශීය වෛද්‍යවරු, පෞද්ගලික අංශය
සහ රෝගී අයිතිවාසිකම්



ප්‍රමිතිය හා වගකීම

රෝගී ප්‍රතිකාර සලසන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ආරක්‍ෂා කර දීම රජයකට පැවරෙන මූලික වගකීමකි. එය රෝගී අයිතිවාසිකම් රැක ගැනීමට ඇති ඉතා තීරණාත්මක අවශ්‍යතාවක්‌ බව ඔබ දනී. ප්‍රමිතිය රැක ගැනීමේ වගකීම රාජ්‍ය සෞඛ්‍ය සේවයට පමණක්‌ සීමා නොවන අතර එය පෞද්ගලික අංශවලටද සලසා දිය යුතුය.

අද ලෝකයේ වෛද්‍ය සේවාව විශේෂඥ ක්‍ෂේත්‍ර ගණනාවකට පමණක්‌ නොව එහි අතුරු ක්‍ෂේත්‍ර දක්‌වා දියුණු වී ඇත  මෙවන් ක්‍ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් බිහිවීමට නම් සායනික, ප්‍රායෝගික හා න්‍යායාත්මක ආදී වූ සංකීර්ණ පුහුණු රාමුවකට යටත්ව ලෝකය පුරා නිල වශයෙන් පිළිගත් පශ්චාත් උපාධි ආයතන වලින් සුදුසුකම් ලබා තිබිය යුතුය. යම් අයෙක්‌ එසේ සුදුසුකම් නොමැතිව එම තනතුරු වල පෙනී සිට රෝගී සේවා සලසයි නම් එය රෝගීන් හට සිදුකරන වංචාවකි. එය රෝගී අයිතිවාසිකම් බිඳ දැමීමකි. එවන් භයානක තත්ත්වයන්ගෙන් රෝගීන් බේරා ගැනීමට අවශ්‍ය නීති හා ප්‍රතිපත්ති රාමු සැකසීම රජයකට පැවරෙන භාරධූර වගකීමකි.

රාජ්‍ය අංශය

රටක වෛද්‍ය සේවා සැපයීම එරට වෙද්‍යවරුන් මෙන්ම විදේශීය වෛද්‍යවරුන් විසින්ද සිදු කරන අයුරු ලොව පුරා දැකිය හැක. නමුත් ඕනෑම රටක එම රටේ වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාව ලබා දෙන අතර ඔවුන් හිඟ ක්‍ෂේත්‍ර ආවරණයට පමණක්‌ විදේශීය වෛද්‍යවරුන් රටට ගෙන්වා ගනී. ඊට අමතරව පුහුණු පාඨමාලා සඳහා ද විදේශීය වෛද්‍යවරුන් යොදා ගනී. නමුත් අප අසල්වැසි රට වන ඉන්දියාව මේ පිළිබඳ අනුගමනය කරන්නේ අන්තවාදී ප්‍රතිපත්තියකි. ඉන්දියානු වෛද්‍ය සභාව  කිසිදු විදේශ වෛද්‍යවරයෙකුට තම රටේ වැටුප් ලැබෙන රැකියාවක්‌ ලබා නොදේ.

පෞද්ගලික අංශය

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා සැලසීමේදී බාහිර ප්‍රතිකාර වලින් 60% පමණ පෞද්ගලික අංශයෙන් සැලසුනත් නේවාසික ප්‍රතිකාර වලින් 90% කට වැඩි ප්‍රමාණයක්‌ රාජ්‍ය අංශයෙන් සැලසේ. පෞද්ගලික අංශයේ සේවා සැලසීම ද බොහෙවින් කරනු ලබන්නේ රාජ්‍ය අංශයේ වෛද්‍යවරුන් විසින්ම බව දක්‌නට ඇත. තම සේවා මුරයන් නිමා කිරීමෙන් පසුව ඔවුන් පෞද්ගලික සේවය සඳහා යොමු වෙමින් සේවා සලසයි. මෙම ක්‍රියාවලිය අනෙකුත් බොහෝ රටවල් වලද ක්‍රියාත්මක වන අතර එය තුළින් රාජ්‍ය අංශයේ ලබා දෙන අඩු වැටුප තුළ වුවද වෛද්‍යවරුන් තම මූල්‍යමය අවශ්‍යතාවන් සපුරාගනී.

ගැටලුව

රාජ්‍ය අංශයට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීමේ පැහැදිලි ක්‍රමවේදයක්‌ අනුගමනය කරනු ලැබේ. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ පුහුණුවෙන් පසුව ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන් බවට පත්වේ විශේෂඥ වෛද්‍යවරු රජයේ රෝහල් වල තනතුරු වලට අයෑදුම් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් එම සුදුසුකම් තාක්‍ෂණික වශයෙන් ඇගයීමට ලක්‌ කරනු ලැබේ. වෛද්‍ය සේවා වාර්තාව  විවිධ ක්‍ෂේත්‍ර වල විශේෂඥ වෛද්‍යවරුන් නිර්වචනය කර ඇත. එම නිර්වචනය සමඟ අදාළ වෛද්‍යවරයාගේ අයදුම්පත සස¹ ඔහුට නිල වශයෙන් තනතුර ලබා දේ. එමඟින් රාජ්‍ය අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමිතිය පිළිබඳ පැහැදිලි තහවුරුවක්‌ රජය විසින් ලබා දී ඇත.

නමුත් පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් සඳහා මෙවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක්‌ නැත.

1. පෞද්ගලික අංශයේ විශේෂඥ වෛද්‍යවරයා පිළිබඳ නිර්වචනයක්‌ නැත.

2. පෞද්ගලික රෝහල් වලට විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ සුදුසුකම් ඇගයීමක්‌ සිදුවන්නේ නැත.

රාජ්‍ය අංශය

ෆ විශේෂඥ වෛද්‍යවරයා පිළිබඳ පැහැදිලි නිර්වචනයක්‌ ඇත.

ෆ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් ඇගයීමට පිළිගත් සම්මත ක්‍රමවේදයක්‌ ඇත.

පෞද්ගලික අංශය

ෆ විශේෂඥ වෛද්‍යවරයා පිළිබඳ පැහැදිලි නිර්වචනයක්‌ නැත.

ෆ එවැනි ක්‍රමවේදයක්‌ නැත.

විදේශීය වෛද්‍යවරුන් පෞද්ගලික අංශයේ සේවය සැලසීමේදී ඔවුන්ගේ සුදුසුකම් ඇගයීම සඳහා නිසි තාක්‍ෂණික ක්‍රමවේදයක්‌ නොමැතිකම බරපතළ අඩුපාඩුවකි. නියමිත විශේෂඥ වෛද්‍ය සුදුසුකම් නොමැතිව වංචනික විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය කරනු දක්‌නට හැකියි.

2011 වසර වන විට කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් 04 ක කරන ලද සමීක්‍ෂණයකට අනුව සුදුසුකම් ඇගයීමකට ලක්‌ නොකළ විදේශීය වෛද්‍යවරුන් 184 ක්‌ සිටි බවට අනාවරණය විය. හෘද රෝග, හෘද ශල්‍ය, ස්‌නායු, ළමා රෝග, චර්ම රෝග ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක විශේෂඥ වෛද්‍යවරුන් ලෙස ඔවුන් අවශ්‍ය සුදුසුකම් වලින් තොරව පෙනී සිටිනු දක්‌නට ලැබුණි. එම වසරේ කොළඹ ජාතික රෝහලේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 140 ක්‌ පමණි.

විදේශීය වෛද්‍යවරු තදාසන්න ප්‍රදේශවලට පමණක්‌ සීමාවී ඇත. රජයේ වෛද්‍යවරු සියලුම පරාසවල රෝගීන්ට ප්‍රතිකාර කරයි. විදේශීය වෛද්‍යවරු වාණිජ වටිනාකමක්‌ ඇති රෝගවලට හා තෝරාගත් රෝගීන්ට පමණක්‌ ප්‍රතිකාර සලසයි. විදේශීය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා සංකූලතා ලත් රෝගීන්ද රජයේ වෛද්‍යවරුන් වෙත යොමු කෙරේ. එමෙන්ම තම මූල්‍ය සීමාව ඉක්‌මවා ගිය රෝගීන්ද අතරමැදි රෝගී තත්ත්වයෙන් කිසිදු හිරිකිතයකින් තොරව රජයේ රෝහල්වලට යොමු කරයි.

නිත්‍යානුකූලභාවය

විදේශීය වෛද්‍යවරුන්ට පෞද්ගලික රෝහලක සේවය කිරීම සඳහා නීත්‍යානුකූල අවසරය ලබා දෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගිනි  ඔවුන් වෛද්‍ය ආඥ පනතේ 67A වගන්තියට අනුකූලව "තාවකාලික ලියාපදිංචිය" භාවිත කර රැකියාව ලබාගනී. "තාවකාලික ලියාපදිංචිය" වෛද්‍ය ආඥපනතට ඇතුළත් කර ඇත්තේ ලංකාවේ නොමැති විශේෂඥ වෛද්‍ය ක්‍ෂේත්‍රයක වෛද්‍යවරයෙක්‌ කෙටිකලකට ලංකාවට ගෙන්වා පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහායි. ඒ බව තහවුරු වන්නේ පහත හේතු 02 නි.

1. අදාළ වෛද්‍යවරයාගේ පුහුණුව සඳහා සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගැනීම හෝ

2. පුහුණු පාඨමාලාව පවත්වනු ලබන වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපතිවරයාගේ අනුමැතිය අනිවාර්ය වේ.

නමුත් මෙම නීතියේ ඇති ලිහිල් බව භාවිත කරමින් අදාළ විදේශිකයන් රැකියාව සඳහා ලියාපදිංචිය ලබා ගැනීම අරඹා ඇත. එම තාවකාලික ලියාපදිංචිය මාස 03-06 ක්‌ අතර කාලයකට සීමා විය යුතු වුවත් එය නිරතුරුව අලුත් කරමින් වසර 10 ක්‌ ඉක්‌ම වූ කාල සීමාවක්‌ අදාළ සුදුසුකම් වලින් තොරව විශේෂඥ වෛද්‍යවරුන් සේ හඟවමින් ප්‍රතිකාර කිරීම දිගින් දිගටම සිදු වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත් වූයේ ඇයි?

සාමාන්‍ය රෝගියෙක්‌ බලා ගැනීමට වඩා සංකූලතා සහිත රෝගියෙක්‌ බලා ගැනීමට වැඩි පරිශ්‍රමයක්‌ දැරිය යුතුය. එයින් රජයේ ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ගේ ශල්‍යකර්ම ද ප්‍රමාද වේ. එම අවලාදයද රජයේ රෝහල් වෙත යොමු වේ. එපමණක්‌ නොව සංකූලතා සඳහා ප්‍රතිකාර කිරීමට රජයට සෑහෙන මුදලක්‌ද වැයවේ. එබැවින් රජයේ වෛද්‍යවරු වන අපටද මෙම කාරණය සෘජුවම බලපා ඇත. එසේ නොවුනත් වගකිව යුතු වෘත්තීය සමිතියක්‌ ලෙස පෞද්ගලික අංශයේ වෛද්‍ය සේවා ප්‍රමිතිය රෝගීන් වෙනුවෙන් රැකදීමට අපට නෛතික වගකීමක්‌ද ඇත. මේ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පහත පියවර සඳහා මූලිකත්වය ගන්නා ලදී.

යෝජනාව

1. විශේෂඥ වෛද්‍යවරයා ලොව පිළිගත් ක්‍රමවේදයට නිර්වචනය කිරීම.

2. පෞද්ගලික රෝහලකට අයදුම් කරන වෛද්‍යවරුන්ගේ සුදුසුකම් ඇගයීමට නිල තාක්‍ෂණික කමිටුවක්‌ පිහිටුවීම.

තාක්‍ෂණික ඇගයීම ක්‍රියාත්මක වීම

මෙම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අප කරන ලද ඉල්ලීම අනුව සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල්වරයා, සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය ඇමැතිවරයා එහි අවශ්‍යතාව මැනවින් තේරුම්ගෙන මෙම ක්‍රියාපටිපාටියට මූලිකත්වය ගන්නා ලදී. විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්වචනය සැකසීම හා විදේශීය අයදුම්කරුවන් නිල ඇගයීමකට ලක්‌ කිරීමට අවශ්‍ය පිළිවෙත් සැකසීම සඳහා සෞඛ්‍ය සේවාවේ සියලුම පාර්ශවකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවන ලදී. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් 43 ක්‌, පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ විශේෂඥ වෛද්‍යවරුන් බිහිකරන නිල කමිටුවල ප්‍රධානීන්. සෞඛ්‍යය අමාත්‍යාංශයේ පෞද්ගලික අංශ භාර වෛද්‍ය පරිපාලන නිලධාරීන් ඇතුළු ප්‍රධාන පෙළේ වෛද්‍ය පරිපාලන නිලධාරින් සියලුදෙනා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිඥ මහතුන් මාස 08 ක්‌ තිස්‌සේ සාකච්ඡාකර ඉතාමත් විනිවිද භාවයකින් යුතුව මේ නිල කාර්යභාරය අවසන් කරන ලදී.

2012 මැයි මාසයේ සිට මෙම විශේෂඥ වෛද්‍යවරුන් තාක්‍ෂණික ඇගයීමට ලක්‌ කරන ලදී. ඉන් කලබලයට පත්වූ පෞද්ගලික රෝහල් මේ පිළිබඳ වැරදි මතයක්‌ පතුරුවන ලදී. පෞද්ගලික රෝහල් හිමියන් විවිධ හේතුන් නිසා සුදුසුකම් නොලත් විදේශිකයන් තුළින් මුදල් ඉපයීමට කැමැති අයුරු පෙනෙන්නට තිබූ අතර ලාංකික වෛද්‍යවරුන් බඳවා ගැනීමට අකමැති බවක්‌ පෙනෙන්නට තිබුණි. කෙසේ නමුත් එහි සාධාරණ හේතුද තිබිය හැක. දිවා කාලය තුළ පෞද්ගලික රෝහල් පවත්වාගෙන යැමට ඇති දුෂ්කරතා ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන ලදී.

මේ අවස්‌ථාවේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ කාරණය සම්බන්ධයෙන් සිදුකරන ලද මැදිහත් වීම අප අගය කරමු. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා පෞද්ගලික රෝහල් අතර සාකච්ඡාවකින් මීට විසඳුම් සෙවීමට ඔහු ගන්නා ලද ප්‍රශංසනීය උත්සාහය පහත අයුරින් දක්‌වමු.

1. රෝගී අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් විදේශීය වෛද්‍යවරුන් සඳහා අවම සුදුසුකම්වලින් තොරව බඳවා ගැනීම් නොකළ යුතු බව.

2. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2007 වසරේ යෝජනා කළ ක්‍රමවේදයට අනුව රජයේ වෛද්‍යවරු දිවා කාලය තුළ පෞද්ගලික රෝහල්වලට යොමු කිරීමට යෝජනා කරන ලදී. ඒ සඳහා ඔවුන්ගේ උපයාගත් නිවාඩු භාවිත වේ. 

යුද්ධය පැවැති කාලයේ රණවිරුවන්ගේ ප්‍රතිකාර සේවා සඳහා වෛද්‍යවරුන් සැපයීමෙන් ඉතා හොඳ පළපුරුද්දක්‌ ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මෙම කාර්යය සාර්ථකව කළ හැකි බව ආරක්‍ෂක ලේකම්තුමා පැහැදිලිව පිළිගන්නා ලදී.

ජාතික ප්‍රතිපත්තියක්‌

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම්, පී. බී. ජයසුන්දර මහතා හා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අතුල කහදලියනගේ මහතා සමඟ එක්‌ව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ඉහත යෝජනාවට 2007 අනුමැතිය ලබා දුනි. (රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික අංශයෙන් විදේශවලත් යොදවා රටට මුදල් ඉපයීම යෝජනා කරමි - 2007 අය වැය).

අනෙක්‌ රටවල තත්ත්වය

රජයේ වෛද්‍යවරු පෞද්ගලික අංශයේ සේවා සඳහා යෙදවීම බොහෝ රටවල සිදු වන සාමාන්‍ය ක්‍රියාවලියකි. ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය වැනි රටවල රජයේ වෛද්‍යවරු මේ සඳහා ධෛර්යවත් කරන අතර සිංගප්පූරුවේ එය අනිවාර්යය වේ. එය තුළින් විදේශ විනිමය රැක ගැනීම හා ඉපයීම අපේක්‍ෂිතය. අප රටේ අද ඇත්තේ මීට හාත්පස වෙනස්‌ තත්ත්වයකි. සුදුසුකම් නැතත් අයදුම්කරුවා ශ්‍රී ලාංකික නොවන ගමන් බලපත්‍රයකට හිමිකම් කියයි නම් ව්‍යාජ ලෙස විශේෂඥ වෛද්‍යවරයෙක්‌ ලෙස පෙනී සිටීමට "ලයිසන්" දෙන තත්ත්වයක්‌ උදා වී ඇත.

සෞඛ්‍ය වෙළෙඳ ගිවිසුම්

විශේෂඥ වෛද්‍ය සේවාව සම්බන්ධ වෙළෙඳ ගිවිසුම් බිහිවෙමින් පවතින යුගයක මෙම ක්‍රියාවලියේ ඇති වගකීම හා අවශ්‍යතාව සියලුදෙනා පැහැදිලිව අවබෝධ කරගත යුතුය.  මෑතකදී එක්‌තරා පෞද්ගලික රෝහලක්‌ විශේෂඥ වෛද්‍යවරු හා සාමාන්‍ය වෛද්‍යවරු බඳවා ගැනීම සඳහා දැන්වීම් පළකර තිබුණි. ඒ සඳහා අයදුම් කළ ලාංකික වෛද්‍යවරුන් සඳහා යෝජිත වැටුප ඉන්දියානු වෛද්‍යවරයෙකුට ලබාදෙන වැටුපෙන් 20% කි. එමෙන්ම ඒ සඳහා අයදුම් කළ වෛද්‍යවරුන්ගේ හිත අධෛර්යවත් වන අයුරින් ඔවුන් හට කතා කර එමෙන්ම සම්මුඛ පරීක්‍ෂණයයේ පරීක්‍ෂකයන් ලෙස යොදාගෙන ඇත්තේ සුදුසුකම් නොමැති විදේශිකයන්ය. ඒ අනුව පෙනෙනුයේ සමහර පෞද්ගලික රෝහල් විදේශිකයන්ට දක්‌වන ඇල්මයි. තමන් උපන් රටේ හෝ අප රටේ රෝගීන් ගැන කැක්‌කුමකින් තොරව කටයුතු කරනු ඇත. එම විදේශිකයන් මගින් තම වාණිජමය අරමුණු ඉටුකර ගැනීමට පෞද්ගලික රෝහල්වලට ඇති වුවමනාව මෙමගින් පැහැදිළි වේ. ඉතාමත්ම සංවේදී ක්‍ෂේත්‍රයක්‌ වන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මූලික මූලධර්ම රැකගෙන වාණිජ අරමුණු දෙවැනි කොට සලකා කටයුතු කිරීම අවශ්‍ය බව අප අවංකව විශ්වාස කරමු.

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වගකීම

රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයටද අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් බිහි කිරීමට අවශ්‍ය කරන නිසි ක්‍රමවේදයන් මීට වඩා කාර්යක්‍ෂම ලෙස ක්‍රියාවට නැංවීමේ වගකීම පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය සතු වගකීමක්‌ බව අප දන්වමු. පසුගිය දශක 05 තිස්‌සේ ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 10 ඉක්‌මවා ගැනීමට නොහැකි වීම පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ නිද්‍රdශීලීභාවය මොනවට කියාපායි. ක්‍රීඩා විශේෂඥ සූක්‍ෂම ප්‍රතිකාර (දැඩි සත්කාර), පෝෂණ විශේෂඥ වැනි ජාත්‍යන්තර වෛද්‍ය ක්‍ෂේත්‍ර අප රට තුළ බිහිව නැත. ගනානුගතික හා සාම්ප්‍රදායානුකූලව කටයුතු කරමින් පශ්චාත් වෛද්‍ය උපාධි සඳහා ඉදිරිපත් වන වෛද්‍යවරු අධෛර්යවත් කරන ආකල්පයකින් ක්‍රියා කරනු දැකිය හැක. එබැවින් ජාත්‍යන්තර නව ප්‍රවණතා අනුව යමින් ජාත්‍යන්තර තලයේ ගුණාත්මක භාවය රැක ගනිමින් වෛද්‍යවරුන් දිරිමත් කරවන ආකාරයේ ආකල්පමය පරිසරයක්‌ ඇතිවන අයුරින් පශ්චාත් උපාධි ආයතනය ප්‍රතිව්‍යqහගත කළ යුතු බව අප පෙන්වා දෙමු. එය තුළින් මේ ජාතික වගකීම ඉෂ්ට කරන ආයතනයක්‌ බවට පරිවර්තනය වනු දැකීම අපගේ අපේක්‍ෂාවයි.

වෛද්‍ය සිසුන්ගේ අනාගතය

මේ ආකාරයෙන් වෛද්‍යවරයකු වීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් නොමැති විදේශිකයන් ලංකාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස රෝගී ප්‍රතිකාරවල නිරත වුවහොත් අනාගතයේදී වෛද්‍ය ක්‍ෂේත්‍රයට එක්‌ වීමට සිටින වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාවට යන කලදසාව කුමක්‌ වේදැයි අපට සිතා ගැනීමට අපහසුය.

අප යෝජනාව සැකෙවින්

රෝගී අයිතිවාසිකම් රැකගැනීම සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ වෛද්‍ය ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ අවම සුදුසුකම් ඇත්දැයි සොයා බැලීමට රජය කටයුතු කළ යුතුය.

(මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සංගමයේ වෙබ් අඩිවියේ -අඅඅගටපද්ගකන- පළකර ඇති පහත දැක්‌වෙන පොත් උපයෝගී කරගත හැක).

ෆ Esඒඉකසියපැබඑ දෙ .Sචැජස්‌කසිඑ රුටසිඑරහ. ) ෂබඑරදාමජඑසදබ දෙ aබ eඩ්කම්එසදබ චරදජැdමරු දෙර දෙරුසටබ පැdසජ්ක sචැජස්‌කසිඑs - ෂීඊභ 978-955-1928-05-6

ෆ Heaකඑය Seජඑදර ඤබඑරසඉමඑසදබ එද ණබදඅකැdටැ Eජදබදපහ - ෂීඊභ 978-955-1928-00-1

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.