වෙන්න දොස්‌තරලා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අරඹලා
- ලියාපදිංචි වෛද්‍යවරු කියති
නීති විරෝධී ක්‍රියාවක්‌

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

සීමාවාසික පුහුණුව නොලද විශාල පිරිසක්‌ සීමාවාසික පුහුණුවට පෙර පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම බරපතළ ගැටලුවක්‌ බව ලියාපදිංචි වෛද්‍යවරු පවසති. වෛද්‍ය පීඨයෙන් පිටවන සිසුන් සඳහා සීමාවාසික පුහුණුව ලබා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වන තෙක්‌ ඔවුන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සපුරා තහනම් වුවද දිවයින පුරා විශාල පිරිසක්‌ මෙසේ රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරිම දිගින් දිගටම සිදු වුවද මෙතෙක්‌ ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

වෛද්‍ය උපාධියක්‌ ලබා ග

ත් පමණින් රෝගීනට ප්‍රතිකාර කිරීමට ඔවුන්ට හැකියාවක්‌ නොමැති බවත්, සීමාවාසික පුහුණුව ලැබීමෙන් පසු පමණක්‌ ඒ සඳහා ඔවුන් සුදුසුකම් ලබන බවත් බොහෝ පෞද්ගලික වෛද්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යමින් මෙසේ ප්‍රතිකාර කිරීම ඉතා බරපතළ තත්ත්වයක්‌ බවත් ඔවුහු ප්‍රකාශ කර සිටිති.

ඇතැම් අය ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රdවන් භාවිත කරමින් මෙසේ ප්‍රතිකාර කිරීමේදී වැඩිහිටියන්ට දිය යුතු බෙහෙත් ප්‍රමාණයන් කුඩා දරුවන්ට ද නියම කරන බව ද බොහෝ විට රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීම වෙනුවට වේදනා නාශක ඖෂධ ලබා දීමෙන් මෙහි භයානක කම වඩාත් තීව්‍ර වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි අවධානය මේ කෙරෙහි යොමු කර මෙවැනි නීති විරෝධී ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම භයානක තත්ත්වය වළක්‌වා ගැනීමට පියවර ගත යුතුව ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.