ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලය තමිල්නාඩු ප්‍රහාරය හෙළා දකී

විවිධ අවශ්‍යතාවන් සඳහා තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකිකයන්ට හා විශේෂයෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේට තමිල්නාඩු ප්‍රාන්තයේ අන්තවාදී කණ්‌ඩායම් පසුගිය දිනවල කළ පහරදීම් ශ්‍රී ලාංකික මුස්‌ලිම් සංවිධානවල එකමුතුව වන ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලය දැඩි ලෙස හෙළා දකින බව එම සංවිධාන නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

මෙරට ජනතාව තමිල්නාඩුවට යන්නේත්, එහි විවිධ පිරිස්‌ හා පුද්ගලයන් සමග ගනුදෙනු කරන්නේත්, ඔවුන් සතුරන් ලෙස නොව මිතුරන් ලෙසත්, මූලික වශයෙන් මිනිසුන් ලෙසත් පිළිගෙනය. ඔවුන්ගේ මිනිස්‌ ගති පැවතුම් පිළිබඳව විශ්වාසය තබමිනි. තමිල්නාඩුවේ සිටින සුළු පිරිසක්‌ වුවද කරන මෙවැනි පහරදීම් නිසා පළුදු වන්නේ ප්‍රාන්තයේ සමස්‌ත ජනතාවම පිළිබඳව ඇති විශ්වාසයයි. විවිධ රටවලත්, සමාජවලත් නායකයන් අතර කුමනාකාරයේ ප්‍රශ්න හා මතභේද තිබුණද එම රටවල හා සමාජවල ජනතාවත් අතර පවත්නා සබඳතාවට හානි කිරීම අපරාධයකි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමිල්නාඩුවේ විවිධ පක්‍ෂ හා කණ්‌ඩායම්වලට අයත් නායකයන් තම ප්‍රකෝපකාරී ප්‍රකාශ මගින් මෙවැනි පහරදීම් සිදුවන තැනට කටයුතු කිරීම පිළිබඳවද අපගේ දැඩි කනස්‌සල්ල හා පිළිකුලද ප්‍රකාශ කර සිටිමු යෑයි එහි සඳහන් වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.