වසර දාහතක්‌ දහදුක්‌ වි`ද මෙරටට ආ කුසුමා

මවට දියණිය හමුවු සංවේ`දී මොහොත

කුසුමා නන්දනී යනු මීට වසර දාහතකට පෙරාතුව සෞදි අරාබියාවට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇය වසර දාහතක්‌ම එරට සිටියේ අපා දුක්‌ විඳිමිනි.

සෞදියේ රියාද් නගරයේ නිවසක ගෘහසේවිකාවක ලෙස මුල් රැකියාව කළ ඇය විඳි දුක්‌ ගැහැට අසන්නට පවා නොහැකි එකකි. එය වෙනම කතා කළ යුතු තරමේ දිගු එකකි. 1995 සිට වසර දෙකක්‌ ඇය සේවය කළේ ප්‍රශ්න මැද වුවද ඇයට වරින් වර ඒ වසර දෙකේදී වැටුප් ලැබිණි.

ඉන් පසුව ඇයට යළි මෙරටට එන්නට ඉඩ නොදුන් සෞදියේ කුරිරු මිනිසුන් ඇයව එහි සිරකාරියක්‌ බවට පත් කළේ කිසිදු වරදක්‌ මුල්කරගෙන නොව නොමිනිස්‌කම නිසාය.

ඇය වසර දාහතක්‌ම සෞදියේ දහදුක්‌ වින්දේ එහෙයිනි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක්‌ සෞදියට පැමිණියේ ඔය අතරය.

ඔලෙයියා සුබසාධන මධ්‍යස්‌ථානයේ උදවිය කුසුමා නන්දනී මහත්මියගේ අවනඩුව ශ්‍රී ලංකාවෙන් පැමිණි පිරිසට සැල කළේ කෙලෙස හෝ කුසුමා යළි ශ්‍රී ලංකාවට යෑවීමට උදව් කරන ලෙස ආයාචනා කරමිනි.

වසර දාහතක්‌ බලෙන් රඳවාගෙන සිටි ඇයගේ තතු අසා ශ්‍රී ලංකාවෙන් පැමිණි ඇමැතිවරයා ඇතුළු පිsරිස අන්දමන්ද වූහ.

ඇත්ත නැත්ත සොයා බැලුවේ ඊට පසුවය. කුසුමා නන්දනීට වසර පහළොවක්‌ම වැටුප් ද ලැබී නැත.

රියාද් තානාපති කාර්යාලයේ නිලධාරීන්ද ගෙන්වා මේ පිළිබඳ සොයා බැලීම පටන් ගැනිණි. අවසානයේ කුසුමා නන්දනී නම් වන මේ කාන්තාවට වසර දාහතරකට පසුව සාධාරණය ඉටුවිය.

වසර පහළොවක්‌ තිස්‌සේ අහිමි වූ වැටුප් වශයෙන් සෞදි රියාල් 72,000 ක්‌ (රුපියල් ලක්‍ෂ විසිහතක්‌ පමණ) ඇයට ලැබිණි.

ඇය පසුගියදා යළි දිවයිනට පැමිණියේ වසර දාහතක්‌ තිස්‌සේ සෞදියේ අපාදුක්‌ විඳීමෙන් පසුවය. ඇමැති ඩිලාන් පෙරේරා ඇතුළු මෙරටින් ගිය පිරිසට මේ සිsද්ධිය ඇස නොගැටෙන්නට අදටත් ඇය සෞදියේ ය.

ඇයට වැටුප් තබා ජීවිතයවත් ඉතිරිවේදැයි එසේ නම් කිව නොහැකිය.

කුසුමා නන්දනී දරු දෙදෙනකුගේ මවකි. රට යන විට ඒ දරු දෙදෙනා පොඩි උන්ය. යළි කටුනායක ගුවන් තොටුපළින් සිය රට පැමිණි ඇයට කරදඬු උස්‌වූ දරුවන් දුටු කල නෙතින් ගලා ගියේ වසර දාහතක්‌ පුරා හෙළු  දුක්‌ කඳුළු අතරින් මතු වූ සතුටු කඳුළුය.

රට යන මෙවැනි අයට අත්වන විපත්වල තරම එතරම්ම කුරිරුය. මෙවැනි මවුවරු තරුණියෝ තව කොපමණ සිටිත්ද?

ඡායාරුපවලින් දැක්‌වෙන්නේ වසර දාහතක්‌ පුරා සෞදියේ දහදුක්‌ විඳ අවසානයේ දී යළි මෙරටට ආ කුසුමා නන්දනීගේ ජීවිතය යළි ලැබුණ අවස්‌ථාවය.


ප්‍රේමකුමාර කිත්තම්මහර
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.