AIA ඉන්ෂුවරන්ස්‌ හි විජයග්‍රාහී
වෙල්ත් ප්ලෑනර්වරු ඇගයෙති


 

 

 

AIA ඉන්ෂුවරන්ස්‌ (පෙර AVIVA NDB රක්‌ෂණ සමාගම) නොබෝදා කොළඹ සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ශාලාවේ, අංශයේ පැවැති වාර්ෂික අලෙවි සම්මාන උළෙල සහ විශේෂ වෘත්තීය නිපුණත්ව සහතික ප්‍රදානෝත්සව රාත්‍රියේදී සිය විජයග්‍රාහී අලෙවි බළකාය වන වෙල්ත් ප්ලෑනර්වරුන් ඇගයීමට ලක්‌කරන ලදී. මෙම සම්මාන උළෙලේදී සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක්‌ වූයේ සමාගමේ නව වෙළෙඳනාමය AIA වෙත පරිවර්තනය වීම උත්සවය සඳහා සහභාගි වූ 1700 කට අධික වෙල්ත් ප්ලෑනර්වරුන්හට හඳුන්වාදීමයි.

වෘත්තීය නිපුණත්ව සහතික ප්‍රදානෝත්සවයෙන් පසුව පැවැති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබිණි. එහිදී රක්‌ෂණ අලෙවි වෘත්තිකයන් හට අත්පත් කර ගත හැකි ඉහළම ජාත්‍යන්තර තලයේ ඇගයීම් වන ඩොලර් මිලියනයේ වට මේස සම්මන්ත්‍රණයට (MDRT - Million Dolar Round Table) සුදුසුකම් ලැබූ වේල්ත් ප්ලෑනර්වරුන් 17 දෙනෙකු සහ ජාත්‍යන්තර තත්ත්ව සම්මානයෙන් (LIMRA) පිදුම් ලත් වෙල්ත් ප්ලෑනර්වරුන් 19 දෙනකු 2012 වසරේ අත්පත් කරගත් ජයග්‍රහණ වෙනුවෙන් ඇගයීමට ලක්‌ කෙරුණි.

සම්මාන රාත්‍රියේ උත්කර්ෂවත් අවස්‌ථාව වූයේ විශිෂ්ටතමයන් හට සම්මාන පිරිනැමීමේ මොහොතයි. මෙහිදී ජීවිත රක්‌ෂණ අංශයේ විශිෂ්ටතම වෙල්ත් ප්ලෑනර් ලෙස සම්මාන ලබා ගත්තේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ DGA ස්‌වර්ණා මහත්මියයි. ඇය මෙම සම්මානයට මෙවර හිමිකම් කියනු ලැබුවේ අඛණ්‌ඩව 5 වන වතාවටයි. එමෙන්ම ස්‌වර්ණා මහත්මිය 2012 වසර සඳහා ඩොලර් මිලියනයේ වට මේසයේ (MDRT) රක්‌ෂණ අලෙවිකරුවකුහට අත්පත් කරගත හැකි ඉහළම ජයග්‍රහණය වන Top of The Table තත්ත්වයද ගත්තාය.

ජීවිත රක්‌ෂණ අංශයේ විශිෂ්ටතම වෙල්ත් පෑලෑනර් කළමනාකරු ලෙස කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ සංජීව උඳතියාවල සම්මාන ලැබීය. සාමාන්‍ය රක්‌ෂණ අංශයේ විශිෂ්ටතම වෙල්ත් ප්ලෑනර් ලෙස මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ මාපා හේරත් සහ සාමාන්‍ය රක්‌ෂණ අංශයේ විශිෂ්ටතම වෙල්ත් ප්ලෑනර් කලමනාකරු ලෙස කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ උපාලි තෙන්නකෝන් ද සම්මාන ලබා ගත්හ. හොඳම බෙදාහැරීම් අංශ ප්‍රධානී ලෙස මොරටුව ප්‍රාදේශීය කාර්යාලයේ මිලංක සිල්වා සම්මාන හිමිකරගත් අතර හොඳම සංවර්ධන කාර්යාල කලමනාකරු ලෙස මාවනැල්ල සංවර්ධන කාර්යාලයේ බණ්‌ඩාර යටිගම්මන සම්මානයෙන් පිදුම් ලැබීය.

කළමනාකාර අධ්‍යක්‍ෂ ෂා රූෆ් විජයග්‍රාහී වෙල්ත් ප්ලෑනර්වරුන් හට සුබ පතමින් කියා සිටියේ zමෙරට විශිෂ්ට රක්‌ෂණ අලෙවි වෘත්තිකයන් අතරට යැමට අපගේ වෙල්ත් ප්ලෑනර්වරුන් සතුව ඇති ශක්‌තිය සහ කැපවීම අගය කළ යුතුයි. ඔවුන් සේවාලාභීන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුනට සිතේ සැනසුම ළඟාකර දී ඇත."
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.