රවි රජගෙදර බ්‍රහස්‌පති හා සෙනසුරු එකට
ප්‍රබල ග්‍රහයින් රැසක්‌ මුහුණට මුහුණ
හමුවන සිංහල අලුත් අවුරුද්ද


සිංහල අලුත් අවුරුදු උදාවට තව ඇත්තේ හරියටම සතියක කාල පරාසයක්‌ යෑයි කිවහොත් නිවැරැදිය. අවුරුදු ළඟ ළඟම එන මේ දිනවල සෑම තැනකම අහන්නට ඇත්තේ ද අවුරුදු කතාය.

පරණ කතා අමතක කරමින් අලුත් කතා ගැන කතා කරන මේ දින කිහිපය තුළ අපි උත්සාහ කළේ ද අලුත් කතා ගැන කතා බහ කරන්නටය. පරණ අවුරුද්ද ගෙවී ගොස්‌ අලුත් අවුරුද්ද උදාවන මේ මොහොතේ අලුත් අවුරුද්ද ගැන අලුතෙන් යමක්‌ කතා කරන්නට අපි විශේෂඥයෙක්‌ සොයා ගියෙමු. ඔහු ප්‍රවීණ ජ්‍යෙdතීර් ශාස්‌ත්‍රඥ ආචාර්ය පියසේන රතු විතානයන්ය. අපි ඔහු සමග අලුත් කතාබහක්‌ අරඹමින් අලුත් අවුරුද්දේ අලුත් වන අලුත් නැකැත් තුළ එළැඹෙන ශුභ යෝග රටට හා ජනතාවට කෙසේ බලපාන්නේ දැයි කතා බහ කළෙමු.

පියසේන රතුවිතානයෝ ඒ අලුත් අදහස්‌ කියන්නට සිය කටහඬ අවදි කළේ මෙසේය.

මේ අවුරුද්ද කියන සංකල්පය ගැන අලුතින් කතා කරන්න කියල කිව්වාට "අවුරුද්ද" කියන දේ නම් හරිම පරණයි. ඒක ජ්‍යෙdතිෂ්‍ය වචනයක්‌. එය වචනයක්‌ හැටියටත් සංකල්පයක්‌ හැටියටත් "නේත්‍ර" යුගය "ද්වාපර " යුගය ආදී යුග ගණනාවක්‌ පසු කරල මේ ගත කරමින් සිටින "කලියුගය" දක්‌වා වසර දස දහස්‌ සංඛ්‍යාවක්‌ එක දිගට අඛණ්‌ඩ ගමනක්‌ පැමිණ ඇති බව නම් පැහැදිලියි.

හොඳයි........... ඉස්‌සෙල්ලාම අපි ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රානුකූලව මෙන්න මේ අවුරුද්ද කියල කියන්නේ මොකක්‌ද කියන එක පැහැදිලි කරගෙන ඉමුකෝ. සරලව ගත්තාම අපේ ග්‍රහ මණ්‌ඩලයේ රවි ග්‍රහයා හැටියට සලකන "හිරු" (සූර්යයා) රාශි චක්‍රය වටා වටයක්‌ කැරකී අවසන් කර නැවතත් රාශි චක්‍රයේ මුල්ම රාශිය වන මේෂ රාශියට පිවිසීම තමයි අවුරුද්ද කියලා කියන්නේ. මෙන්න මේක අපේ ජ්‍යෙdතිෂයට අනුව ඉතාම ප්‍රබල අවස්‌ථාවක්‌. ඉතාම වැදගත් අවස්‌ථාවක්‌. මෙන්න මේ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රානුකූල අවස්‌ථාව අපි අපේ සංස්‌කෘතීන්ට ආවේනික අයුරින් සැමරීම තමයි අලුත් අවුරුදු උත්සවය කියල අපි සමරන්න පුරුදු වෙලා ඉන්නේ.

අපි ජීවත්වන පොළෝ තලයේ සිට අහස දෙස බලනකොට අපට ඒ පෙනෙන ආකාශය තමයි රාශි චක්‍ර්‍රය ලෙස සලකන්නේ. පුරාණයේ හිටපු සෘෂිවරු මේ ආකාශය (විශ්වය) කොටස්‌ 12 කට වෙන් කරලා ඒවාට නම් 12 ක්‌ දීල තියෙනව. අංශක 3600 12 කට බෙදලා එකකට අංශක 300 බැගින් වෙන් කරලා දීලා ඒවාට අදාළ නම් අදාළ ගුණයන් අදාළ ගණයන් දක්‌වලා තියෙනවා සෘෂිවරු. ඉතින් මෙන්න මේ රාශි චක්‍රය වටේ සූර්යයා වටයක්‌ කැරකිලා මීන රාශියෙන් ගමන ඉවර කරලා යළි මේෂ රාශියට ප්‍රවේශ වන අවස්‌ථාව සෑම වර්ෂයකම අප්‍රේල් 14 වැනිදා උදා වෙනවා. හැබැයි එය උදාවන අවස්‌ථාව (වෙලාව) වසරින් වසර වෙනස්‌ වෙනවා. ඊට අනුව මේ 2013 වසරේÊසිංහල අලුත් අවුරුද්ද උදා වන්නේ 13 වැනිදා ගෙවිල ගිහින් 14 වැනිදාට එළිවෙල පැයකුත් විනාඩි 29 ක්‌ ගියාමයි... ඒ කිව්වේ පාන්දර 1.29 ට.

සූර්යයා කියන්නේ ගිනි ග්‍රහයෙක්‌. මේෂය කියන්නේත් ගිනි රාශියක්‌. ගිනි ග්‍රහයෙක්‌ ගිනි රාශියකට ඇතුල් වන වෙලාව උදාවන කාලය හරිම උණුසුම්. අප්‍රේල් මාසය උදාවෙලා මේ දවස්‌වල තිබෙන ඌෂ්ණය, උණුසුම ගැන අලුතින් කියන්න දෙයක්‌ නැහැනේ කාටවත්.

ආකාශයේ ඇඳුණු රාශි චක්‍රය අනුව ඒ ඒ රාශිය යට තියෙන රටවල්වලටත් , නැකත්වලටත් වෙන වෙනම රාශි තියෙනවා. ලග්න තියෙනවා. ඒ අනුව බලන විට ලංකාවේ ලග්නය තමයි කුම්භ. ලංකාව නිරක්‍ෂ රේඛාව අසලම තියෙන රටක්‌. නිරක්‍ෂය අවට රටවලට හිමි වන්නේ කුම්භ ලග්නය. ඒ අනුව ලංකාවටත් කුම්භ ලග්නය හිමිවෙනවා. ඒ වගේම අනිත් අතට 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස්‌ ලැබුණ විට අපේ ඩී. එස්‌. සේනානායක ශ්‍රීමතාණන් ජාතික කොඩිය ඔසවලා මේ රට නිදහස්‌ රටක්‌ බව ප්‍රකාශයට පත් කරල තියෙන්නේත් උදේ 7.48 ට. ඒ මොහොතේත් ලංකාවට උදාවෙලා තිබෙන්නේ කුම්භ ලග්නය. මේ කාරණා දෙකටම අනුව ලංකාව කුම්භ ලග්නයට අසු වන බව පොදුවේ පිළිගන්නවා. ඒ අනුව කුම්භ ලග්නය මුල් කර ගෙන තමයි ශ්‍රී ලංකාවේ කේන්ද්‍රය අපි හදන්නේ.

මේ සිංහල අලුත් අවුරුදු උදාව අපේ රටට ජනතාවට කොහොමද බලපාන්නේ කියන කාරණය ගැන බලන විට ඔන්න ඔය සාධක ටික හා දැනුම අපිට ඉතාම වැදගත් වෙනවා.

දැන් ඊළඟට අපි හිතන්න නරකයි 14 වැනිදා පාන්දර 1.29 ට අලුත් අවුරුද්ද උදාවෙනවා කිව්වාම සූර්යයා එක පාරටම මීන රාශියේ ඉඳල මේෂ රාශියට ඇතුළු වුණාය කියලා. හරියටම 1.29 ට ඇතුළු වෙන්aන පටන් ගන්නවා විතරයි. හරියටම සූර්යයා මේෂ රාශිය ඇතුළට එන්න විතරක්‌ පැය 12 කුත් විනාඩි 24 ක්‌ ගත වෙනවා. මෙන්න මේ පැය 12 කුත් විනාඩි 24 ක කාලය අරගෙන දෙකට බෙදලා පැය හය හය බැගින් 1.29 ට දෙපැත්තටම තියලා අපි නොනගතය කියල දෙයක්‌ හදාගෙන තියෙනවා.

මෙන්න මේ සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ඇතුළු වන පැය 12 ක කාලය ඉතාම විෂ සහිත කාලයක්‌ කියලයි පුරාණ සෘෂිවරු කියලා තියෙන්නේ. කිසිම හොඳ වැඩක්‌ කරන්න එපා කියනවා. කිසිම දෙයක්‌ අතට ගන්න එපා කියනවා. අඩුම තරමින් ගෙදර ළිපේ අළු ටිකවත් තියාගන්නේ නැතුව වීසි කරන්න කියනවානේ. පරණ දේවල් ඔක්‌කොම අත්ඇරලා සුදු ඇඳුමක්‌ ඇඳගෙන මල්, තෙල්, පැන් ටිකක්‌ අරන් පන්සලට ගිහින් ආගමික වතාවත්වල නියෑළෙන්න කියලා අපි ජ්‍යෙdතිෂයෙන් මිනිස්‌සු මේ කාලය තුළ හුරු කරන්නේ ඒකයි. ඔය කාලය තුළ පොළෝ තලය පාලනය කරන දෙවිවරු පවා ඈතට ඈතට යනව කියලයි ජ්‍යෙdතිෂය කියන්නේ. ඒ තරමටම විෂ සහිතයි ඔය පැය 12 ක කාලය...

දැන් ඊළඟට බලන්න ඕන අපි, දැන් මොකක්‌ද මේ අපිට උදාවන අලුත් කාලය කියලා............

අපි හැම කාලෙම එක එක යුග පසු කරනවා. 2010 වන විට අපි පසු කරමින් සිටියේ කර කියන සංවත්සරය. ඒ කියන්නේ කර වර්ෂය. ඒක ගෙවලා 2012 වන විට අපට උදාවෙලා තිබුණා නන්දන වර්ෂය. ඒකත් ඉවරවෙලා මේ අවුරුදු උදාවත් සමගම 2013- 2014 අතර කාල පරාසය හැඳින්වෙනවා "විජය" වර්ෂය ලෙස.

අපිට පැහැදිලියිනේ "කර" කියන ගමන්ම දුෂ්කරයි කියලා. 2011 අපි දුෂ්කර අවධියක්‌ පසු කළා. රටක්‌ හැටියට පාලකයෝ බොහොම අමාරුවෙන් රට පාලනය කළා. ජනතාව දුක්‌ විඳිමින් දුෂ්කරතා ඉවසමින් අමාරු කාලයක්‌ ගෙවා දැමුවා. රට බොහොම අමාරුවෙන් ප්‍රශ්න මැද අවහිරතා මැද ඉදිරියට ආවා.............

ඊළඟට 2011-2012 වන විට නන්දන වර්ෂය උදා වුණා. ඒකෙදී රට විශාල සංවර්ධිත ව්‍යාපෘතිවලට එළැඹුණා. පාරවල් පළල් වුණා. සංවර්ධන ව්‍යාපෘතිවල වර්ධනයක්‌ ඇති වුණා. විශාල ගොඩනැඟිලි හැදුණා. රට ආර්ථික සමෘද්ධිය හා සංවර්ධනය යන මාවතේ ගමන් කළා. දැවැන්ත සංවර්ධනයක්‌ දක්‌නට ලැබුණා. නමුත් ජනතාව ලොකු කැපකිරීමක්‌ කරමින් දුෂ්කර කාලයකුත් ගෙවමින් සංවර්ධනයේ ඵල නෙළා ගන්න බලා ගෙන සිටියා.

ඔන්න දැන් 2013 මේ සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමගම අපි විජය සංවත්සරයට මුල පුරනවා. විජය කියන නමින්ම සියල්ල පැහැදිලයිනේ. රට සංවර්ධනයේ මාවත දිගේ ගමන් කර විජයග්‍රහණ ලබන්න අරඹන්නේ මෙම වර්ෂයේදීය.

එය රටටත් ජනතාවටත් පොදුවේ බලපානවා. රටට ජනතාවට හොඳ කලක්‌ මේ යුගයේදී උදාවනවා සිකුරුයි.

අපි සූර්යයා කියල කියන්නේ රවිට. රවි කියන්නේ අපේ ග්‍රහ මණ්‌ඩලයේ රඡ්ජුරුවෝ. ඒ වගේම තමයි මේෂය කියන්නේ රාශි චක්‍රයේ රජගෙදර.

දැන් සිංහල අලුත් අවුරුද්දේදී සිදු වන්නේ සූර්යයා කියන රවි තම රජගෙදර වන මේෂය ඇතුළට ඒමයි. රඡ්ජුරුවෝ මාස 12 ක්‌ පුරා විශාල වටයක්‌ ගහලා මහන්සිවෙලා රජ ගෙදරට එනවෙලාව රටේ ජනතාවට රටට නරක වෙන්නේ කොහොමද රටට හොඳයි. ජනතාවට හොඳයි. රට සෞභාග්‍යවත් වෙනවානේ. ගස්‌වල මල් පිපෙනවා. මල්වලින් බර වෙනවා. ජනතාව අස්‌වනු කපනවා. විකුණනවා. සම්පත් බවභෝග ගෙට ගන්නවා. ගෙවල් දොරවල් අලුත් කරනවා. තමන් අලුත් වෙනවා. අන්න ඒකයි භාග්‍යවත් මාසය හෙවත් බක්‌ මාසය කියලා කියන්නේ.

රවි රජ ගෙදරට එන විට ඊට පෙර තවත් විශේෂ දෙයක්‌ සිදුවෙලා තියනවා. ඒ තමයි සෙනසුරුත් තමන්ගේ රජගෙදරට පැමිණ සිටීම. ඒ කිව්වේ සෙනසුරාත් තුන්වැනි රාශියට හෙවත් තුලාවට ඇවිත් උච්ච වෙලයි ඉන්නේ. සෙනසුරාට රවිව පෙනෙනවා. රවීට සප්තවම සෙනසුරු පෙනෙනවා. ඒකයි මේ වසරේ විශේෂත්වය. උච්ච ග්‍රහයෝ දෙන්නෙක්‌ මේ විදියට එකිනෙකා දකින එක ඒ තරම් හොඳ මදි. නමුත් ඒක තියෙන්නේ මාසයයි. මාසයක්‌ ගතවුණ ගමන් රවි යනවා වෘෂභයට. මොකද රවි එක තැනක ඉන්නේ මාසයයි. අන්න ඊට පස්‌සේ අපේ රටට ඉතාම හොඳයි.

අනිත් එක බලන්නකෝ රවි තම රජ ගෙදරට එනවිට සිදුවන දේවල්. මුළු රටම, මුළු සංස්‌කෘතියම එකම අරමුණින් එකට එකතු වෙනවනේ. රජවරු නිවී සැනසී විවේක ගන්න විට එහෙම තමයි. මුළු සංස්‌කෘතියම එකට එකතුවෙලා ලිප මොළවනවා ආහාර ගන්නවා එකට වැඩ අරඹනවා. අම්ම තාත්තා බලන්න යනවා. නෑදැයෝ බලන්න යනවා. තෑගි දී ගන්නවා. ඒ විතරක්‌ද අවුරුද්දක්‌ තිස්‌සේ තියාගත්ත පරණ තරහා මරහා ආදියත් අමතක කරනවානේ. අල්ලපු ගෙදර මිනිහ තරහවෙලා ඉන්නවා නම් ඒ මිනිහට කෑමකට ආරාධනා කළාම ඒ තරහ මරහ නැති කරගෙන ඒ මිනිහත් එනවනේ. රණ්‌ඩු සරුවල් අමතක වෙනවනේ. මේවා කොච්චර හොඳ දේවල්ද. මේ වසරේ ඔන්න ඔය තත්ත්වය ඉතාම වැඩියි.

අපි දන්නවා අපේ ග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයෝ 9 ක්‌ ඉන්නවා. රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු කියලා. මේ රාහු, කේතු තාරකා විද්‍යාවේ නැහැ. නමුත් ජ්‍යෙdතිෂයේ ඉන්නවා. රවි හා චන්ද්‍ර ආලෝක ග්‍රහයෝ. ආලෝකය දෙනවා. රවිගෙන් ආලෝකය අරන් චන්ද්‍රයාත් අපට එය දෙනවා. ඒ දෙන්නා අම්මයි තාත්තයි වගේ. අනිත් ග්‍රහයෝ රවි වටා කැරකෙනවා. එක එක ගමන් මාර්ග වලින්. පොළව (අපි) රවි වටා යනවා චන්ද්‍රයා අප වටා යනවා. එතකොට මේ එකිනෙකා ගමන් කරන ගමන් මාර්ග කැපෙනවා. පොළව රවි වටා යන ගමන් මාර්ගය තැන් දෙකකදී චන්ද්‍රයාට කැපෙනවා. අන්න ඒ තැන් දෙකේදී තමයි. අපි රාහු කේතු දකින්නේ. මේ ග්‍රහයෝ හැම එකක්‌ම අපිට බලපානවා. පළමුව රවි චන්ද්‍ර බලපානවා දෙවනුව පෘථිවියට දෙපැත්තේ ඉන්න අඟහරු, සිකුරු කියන දෙක බලපානවා. තෙවනුව රාහු කේතු බලපානවා.

මේ විදියට මේ නව ග්‍රහයෝ තමන්ගේ නොනවතින ගමන යද්දී ඒ එක එක ග්‍රහයෝ අතර මගදී මුහුණට මුහුණ මුණගැහෙනවා. ඔන්න අපි කියනවා එතකොට ග්‍රහයෝ උදාවෙනවා කියලා. මෙතන සතුරු ග්‍රහයෝ ඉන්aනවා. මිතුරු ග්‍රහයෝ ඉන්නවා. එකිනෙකාට උදව් කරන අය ඉන්නවා. ඊර්ෂ්‍යා කරන අය ඉන්aනවා. දුර්වල අය ඉන්නවා. බලවත් අය ඉන්නවා. මේ සතුරු ග්‍රහයෝ දෙන්නෙක්‌ එහෙම එකට මුණගැසුණම ග්‍රහ යුද්ධ ඇති වෙනවා.

මේ නිසා මේ වසර උදාවෙන කොට අන්න ඒ වගේ ග්‍රහයෝ හතර දෙනෙක්‌ එකම රාශියේදී හමුවෙනවා. ඒ තමයි රවි, කුජ, සිකුරු හා කේතු මේෂයේ දී හමුවීම. අපි මේකට කියනවා චතුර් ග්‍රහ යෝගයක්‌ කියලා. මේක රටට ජනතාවට ඉතාම හොඳ ප්‍රතිඵල උදාකර දෙන යෝගයක්‌. මොකද මේ ග්‍රහයෝ එක එක විදියේ ගුණ තියන ග්‍රහයෝ. එයාලා ශක්‌තිය බෙදාගන්aනවා. බලන්න අපි එක්‌කෙනෙක්‌ තනියම ගමනක්‌ යන කොට අපේ ශක්‌තිය අඩුනේ. එහෙමද දෙතුන් දෙනෙක්‌ එක්‌ක යනකොට ගමන ඉක්‌මන්. ගමනේදී බය නෑ. තනිකමක්‌ නැහැ. ශක්‌තිය තියනවා. ඒක නිසා ඉතාම හොඳයි.

ග්‍රහයෝ තනි වෙන්න හොඳ නැහැ. එකට ඉන්න එක ඉතාම හොඳයි. යමක්‌ සාර්ථක වෙන්න නම් වැඩි දෙනකුගේ සහාය අවශ්‍යයි. ඔබ යමක්‌ කරන්න යනවා කියල හිතමු. ඒ වැඩේට තීන්දුව දෙන්නේ බුධ. බුද්ධියෙන්. එය ලස්‌සනට කරන්න ඕන කියල බලය දෙන්නේ සිකුරු. එය මහන්සියක්‌ නැතුව කරන්න ශක්‌තිය දෙන්නේ කුජ., කුජ ශක්‌තිය නොදුන්නොත් ඒ වැඩේ වෙන්නේ උදාසීනව.

අන්න ඒක නිසා මේ වසර තුළ රට ඉදිරියට යන්නේ තනිව නොවෙයි. විවිධ ශක්‌තීන් එකතු කරගෙන. මේ තත්ත්වය මෙම වසර පුරාම තියනවා.

මෙම වසර ලබන විට සෙනසුරු ඉන්නේ උච්චයේ. සෙනසුරු බලවත්. ඔන්න ඊළඟට ඒකට එකතු වෙනවා බ්‍රහස්‌පතිත්. ඔහුත් ජුනි 01 වැනිදා ඉඳලා බලවත් වෙන්න පටන් ගන්නවා. බ්‍රහස්‌පති කියන්නේ හොඳ ග්‍රහයෙක්‌. කතරගම දෙවියෝ නියෝජනය කරන ග්‍රහයානේ. ඒක නිසා ඔහු යන යන රාශිවල ගුණය වැඩි කරන්න බ්‍රහස්‌පතිට පුළුවන්. බ්‍රහස්‌පති අරඹලා තියෙන්නේ ඔහුගේ රජගෙට ඒ කිව්වේ කටකයට යන ගමනක්‌. ඒක හින්දා එන්න එන්න හොඳ වෙනවා. 2014 වන විට බ්‍රහස්‌පති කටකයට පිවිසෙනවා. එතකොට ඉතාම හොඳයි. එතෙන්ට යන ගමන අරඹන්නේ මේ වසරේ ජුලියේ සිට නිසා මේ වසරටත් බ්‍රහස්‌පතිගෙන් ගුණ ලැබෙනවා. බ්‍රහස්‌පති අධ්‍යාපන ශක්‌තිය කීර්තිය ගෙන දෙනවා. බ්‍රහස්‌පති කටකයට ගිහින් ඉවර වෙන්නේ 2014 දී ඔහු මීට පෙර 1931 දී කටකයට ගියා 43 දී ගියා 55 දී ගියා 67 දී ගියා 78 දී ගියා 91 දී ගියා 14 දී යනවා. ඊට පස්‌සේ ඒ යුගය ඉතාම යහපත් යුගයක්‌ වෙනවා. වාසනාවන්ත වෙනවා.

ඒ වගේම සෙනසුරුත් උච්චයි කියල මම කිව්වානේ. බලමු අපි සෙනසුරු උච්ච වුණාම කොහොමද නීච වුණාම කොහොමද කියලා. සෙනසුරු නීච වුණා 1818දී. කැරැල්ලක්‌ තිබුණා. ආයෙත් 1848 දී නීච වුණා. ඒත් කැරලි. ඊළඟට 1949 දී නීච වුණා. විශාල ලෝක යුද්ධයක්‌. ඒ වගේම 1970 දී නීච වුණා විශාල ලේ වැගිරීමක්‌. ආයෙත් නීච වුණා. 2000 දී විතර රටේ අසහනය නීච වීම අවුරුදු ගණනාවක්‌ තියෙනවා. ආණ්‌ඩු පෙරළි, කුමන්ත්‍රණ, සුනාමි වගේ ව්‍යසන ආවා. ඊළඟට ආයෙත් නීච වෙනවා. 2030 දී විතර තව අවුරුදු 15 ක්‌ ගියාම.

නීච වුණාම අරමයි වගේම උච්ච වුණාම හොඳයි. 2013-14 වන තුරුම උච්චව ඉන්aනවා. 2015 ට පස්‌සේ සෙනසුරු නරක පැත්තට යනවා.

මේ වර්ෂය අපට හොඳයි. සෙනසුරු උච්චයි. එයාගේ පුත්‍ර ග්‍රහයා රාහු ධනු සමග ඉන්නවා. රාහු සෙනසුරුට යහපත් වෙනස්‌ කිරීම් කරන්න උදව් කරනවා. ඒ වනවිට බ්‍රහස්‌පති උච්චස්‌ථානය කරා පියනඟනවා. මේ තත්ත්වය රටට හොඳයි. අධ්‍යාපනය කෘෂිකර්මය ආදී තැන්වල වෙනස්‌වීම් වෙනවා. පුරන් කුඹුරු පවා වපුරනවා.

ලෝකායන ජ්‍යෙdතිෂයෙන් ගත්තත් අපට ඉතා හොඳයි. පිටරට සම්බන්ධතා පිණිස යුරේනස්‌, නැප්චූන් හා රාහු බලපානවා. ඒ අය හිමින් ගමන් කරන්නේ. මෙයාලා මේ කාලේ අපේ වාසියට වැඩ කරනවා.

පසුගිය අවුරුදු හත අටක කාලය අපට සෙනසුරා කරදර කළා. දැන් සෙනසුරු නවයේ හිටියට කලින් හිටියේ අටේ. ඒ කාලේ අපිට ඔය ජිනීවා හුටපට එහෙම ආවා. හරියට ලෝකයෙන් කරදර ආවා. බාධක ආවා. තර්ජන ආවා. නමුත් දැන් සෙනසුරු 9 ට ඇවිත්. බ්‍රහස්‌පති නිසි තැනට යන්න ගමන අරඹලා. රවි බලවත් වෙලා. ඒ නිසා පසුගිය කාලේ තිබුණ බලපෑම් ඉදිරියේදී ටික ටික අඩුවෙලා නැතිවෙලා යනවා.

බ්‍රහස්‌පති හා සෙනසුරු ඉදිරියේදී අපිව රකිනවා. තව අවුරුදු 3 ක්‌ විතර ඉදිරියට හොඳයි. මුර දේවතාවෝ දෙන්නෙක්‌ වගේ මේ දෙන්නා මේ එළඹෙන වසර තුළ අපිව රකිනවා. ඒකට රවි රාහු උදව් කරනවා.

මේ සිංහල අවුරුද්ද රටේ තත්ත්වය හොඳවෙන ආරම්භයක්‌. එතැනින් එහාට හොඳ වෙනවා. බ්‍රහස්‌පති සෙනසුරු අපිව ඉදිරියට ගෙන යනවා. පක්‍ෂ අලුතින් බිහිවෙනවා. දේශපාලනය ශක්‌තිමත් වෙනවා රටේ තිබෙන ප්‍රශ්න අඩුq වෙනවා.

අපි බඩෙන් හිතන්න ගියොත් ප්‍රශ්න. අපි ඔලුවෙන් හිතන්න ඕන. ඔලුවෙන් හිතන්න ගියොත් බඩ පුරව ගන්න එක අමාරු නැහැ. රජයේ වගකීම වෙන්න ඕන මිනිස්‌සු ඔලුවෙන් හිතන සමාජයක්‌ නිර්මාණය කරල දීමයි. ඉදිරියේදී ඒක වෙනවා. ඒක අධ්‍යාපනයෙන් වෙනවා. අලුත් අවුරුද්දෙන් පසුව බිහිවන ග්‍රහ ශක්‌තිය උසස්‌ කරගෙන අධ්‍යාපනය නංවලා ජනතාව උප.a ජාතියක්‌ බවට පත් කළොත් රට දියුණුව කරා යන එක සිකුරුයි.

සාකච්ඡා කළේ
බුලිත ප්‍රදීප් කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.