ප්‍රධාන පාසල් රැසකම පළමු ශ්‍රේණියේ පුරප්පාඩු

නිලන්ත මදුරාවල

දිවයින පුරා ප්‍රධාන පෙළේ පාසල් බොහොමයක තවමත් පළමු ශ්‍රේණියේ පුරප්පාඩු පවතී.

පළමු ශ්‍රේණියේ පන්තියකට ක්‍රියාන්විත සේවයේ සාමාජිකයන්ගේ දරුවන් හත්දෙනකු බැගින් ඇතුළත් කිරීමට ඉඩ ලැබෙන අතර ආරක්‍ෂක අමාත්‍යාංශය එම කටයුතු අවසන් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මෙම පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා පොරොත්තු ලේඛනයෙහි නම් තිබෙන දරුවන් විශාල පිරිසක්‌ බලා සිටින අතර ක්‍රියාන්විත සේවයේ සාමාජිකයන්ගේ දරුවන් ඇතුළත් කර අවසන් බව නිල වශයෙන් දන්වන තෙක්‌ කිසිවක්‌ කළ නොහැකි බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් පළාත් අධ්‍යාපන බලධාරියෙක්‌ පැවසීය.

පසුගිය වසරේදී ද ආරක්‍ෂක අමාත්‍යාංශය එම කටයුතු අවසන් කළේ පාසල්වල දෙවැනි වාරයේ යෑයි කී එම නිලධාරියා එලෙස අවසන් කිරීමෙන් පසුව ඉතිරි වූ පුරප්පාඩු සඳහා පොරොත්තු ලේඛනවල දරුවන් යොමු කළ බවද කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.