ජයභූමි ඔප්පු ඉඩම් ලක්‍ෂ 7ක්‌ යළි මනී

ප්‍රියදර්ශන ලියනගේ

රජයේ මිනුම්දෝරුවන්ගේ සහය ලබානොගෙන නිලධාරීන්ට අවශ්‍ය ආකාරයට ලණු ඇද රටේ විවිධ ප්‍රදේශවලින් ජනතාවට බෙදා දුන් ජයභූමි ඔප්පු ඉඩම් කට්‌ටි ලක්‍ෂ හතක්‌ නැවත මැනීමට රජයට සිදුව ඇත.

මෙම ඉඩම් නැවත මැනීමට රුපියල් මිලියන 4000 කට අධික මුදලක්‌ නිකරුණේ වැය කිරීමට සිදුවනවා සේම ඒ සඳහා අවම වශයෙන් වසර තුනක කාලයක්‌ ගතවන බව ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

1994 සිට ලබාදුන් ජයභූමි ඔප්පු සහිත ඉඩම් කට්‌ටි සම්බන්ධව මෙම අර්බුදය පැනනැගී තිබෙන අතර ඒවායෙහි හිමිකරුවන් අතර මේ වන විට විවිධ ආරාවුල් පැනනැගී තිබෙන බව ඉහත ප්‍රකාශකයා පැවසීය.

මෙම ජයභූමි ඉඩම් ඔප්පුවල නිසි ලෙස මායිම් ලකුණු කර නැති අතර ඔප්පුවල සඳහන් මුළු ඉඩම් ප්‍රමාණය සම්බන්ධව විවිධ ගැටලු මතුව තිබේ.

මෙම ඉඩම් මැනීම සඳහා නිසි ක්‍රමවේදයක්‌ අනුගමනය නොකර හිතුමතේට ලණු ඇද ඉඩම් වෙන්කිරීම පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වා ඊට සම්බන්ධ සියලු දෙනාට නීතියට අනුව දඬුවම් දිය යුතු බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.