ඒකාබද්ධ විපක්‍ෂ මැයි රැලියේදී ආණ්‌ඩුවට යෝජනාවලියක්‌

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය විසින් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත මැයි දින රැලියේදී කරුණු තුනකින් සමන්විත යෝජනාවලියක්‌ ආණ්‌ඩුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

රාජ්‍ය, පෞද්ගලික සහ සංස්‌ථා සේවකයන්ගේ වැටුප වැඩි කළ යුතු යෑයි සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල සුරකින ලෙස සහ ජීවන වියදම පහත හෙළන ලෙස බල කෙරෙන යෝජනාවලියක්‌ මෙලෙස ලබන මැයි දිනයේදී පැවැත්වෙන මැයි රැලියේදී ඉදිරිපත් කෙරෙන බව විපක්‍ෂයේ විරෝධයේ පක්‍ෂ නායකයකු 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසීය.

මෙවර එජාපය ප්‍රමුඛව මැයි දින උත්සව තුනක්‌ පැවැත්වෙන අතර, එක්‌ රැලියක්‌ සිරිකොත එජාප මූලස්‌ථානයේදී ද, අනෙක්‌ උත්සවය බදුල්aලේදී ද, විපක්‍ෂයේ විරෝධය විසින් සංවිධාන කෙරෙන ප්‍රධාන රැලිය කුරුණෑගලදී ද පැවැත්වීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.