2013 අප්‍රේල් 19 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

විදුලිය නිසා ජලයත් නගිනවා කවදාද - කෙසේද කියන්න තවම බෑ
- මණ්‌ඩලයේ ලොක්‌කෙක්‌ කියයි

විදුලි ගාස්‌තු ඉහළ දැමීම හේතුවෙන් ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්‌ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන දහසක පමණ අමතර වියදමක්‌ දැරීමට සිදුවන බවත් මෙම වියදම් පියවා ගැනීමට ජල බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති බවත් එම නිලධාරියා පැවැසීය.


ජනතාව සහනාධාර මත යෑපෙන්නන් කිරීමට බැහැ
- කෙහෙළිය රඹුක්‌වැල්ල

"හැම දේම නිකං දෙනකම් ජනතාව බලා සිටියා. මීට පස්‌සේ සහනාධාර දෙන්න බැහැ. රටක්‌ ගොඩනැගීමට අසීරු තීරණ ගන්න සිදුවෙනවා. ජනතාවට ස්‌වශක්‌තියෙන් ගොඩ නැගීමට ශක්‌තිය ලබා දිය යුතුයි." යෑයි ද ඇමැතිවරයා කීය.

පොදු රාජ්‍ය මණ්‌ඩල සාමා ජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ යෝජනාවක්‌

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාර නායක මහත්මිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ ආකාරය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රයට විධායකය විසින් අනිසි ලෙස බලපෑම් කිරීමට එරෙහිව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

විදුලිය භාවිතයෙන් ඉවත්ව නැවත කුප්පි ලාම්පු
යුගයක්‌ කරා ජනතාවට ගමන් කිරීමට සිදුවෙලා

- ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක - සරත් ෆොන්සේකා

විදුලි බිල අසාධාරණ ලෙස ඉහළ දමන්න සූදානම් බව විදේශ රටවල් පවා පසුගිය කාලයේ තේරුම් අරගෙන තිබුණා. විදුලිය වැඩි කිරීම ගැන සාකච්ඡාවකට එන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය පවා ආණ්‌ඩුවට ආරාධනා කළා.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව එජාප - ජවිපෙ උද්ඝෝෂණ

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව තම පක්‍ෂය ප්‍රාදේශීය හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් උද්ඝෝෂණ මාලාවක්‌ පවත්වන බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

උ/මැ සෞඛ්‍ය පරීක්‍ෂක
වරු තුන්වැනි දිනටත් වර්ජනයේ

පාසල් දන්ත සායන හා එන්නත් කිරීම ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සියලු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් ඉටු කළ යුතු සේවා රැසක්‌ අඩාල වී තිබේ.

ඉහළ කොත්මලේ
ජලයෙන් පුරවයි!

විදුලිය ජනනය යළි අරඹයි

ඒ සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට්‌ 150 ක විදුලි ධාරිතාවක්‌ එක්‌කර ඇති බව ඉහළ කොත්මලේ ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.


අවුරුදු සමයේ සතොසට මිලියන 1786 ක ආදායමක්‌

මෙය උත්සව සමයකදී ලබාගත් ඉහළම ආදායම වන බව ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ආබාධිත රණවිරු දරුවන්ට
ශිෂ්‍යත්ව ප්‍රදානය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන්


රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මියගිය හා ආබාධිත රණවිරුවන් 48 දෙනකුගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක්‌ පෙරේදා (17 වැනිදා) පැවැත්විණි.

විදුලි ඒකකයක්‌ වැඩිවීමේදී 1150 ක්‌ වැඩිවන්නේ
ජනතාවාදී ආණ්‌ඩුවක්‌ බව පම්පෝරි ගසන නිසාදැයි ජවිපෙ ප්‍රශ්න කරයි

මෙය ඉතා අසාධාරණ ඉහළ දැමීමක්‌. මෙරට විදුලි පාරිභෝගි කයන් ලක්‍ෂ 8 ක්‌ ඒකක 1-30 දක්‌වා පරිභෝජනය කරන අයයි. ඒකක 31 - 60 දක්‌වා ලක්‍ෂ 13 ක්‌ හා 61 -90 දක්‌වා ලක්‍ෂ 12 ක්‌ පාරිභෝගිකයන් සිටිනවා. ඒ අනුව ඒකක 90 ක්‌ දක්‌වා පාරිභෝගිකයන් ලක්‍ෂ 35 ක්‌ සිටිනවා.

මඩකලපුවේ දෙමාපියන් නැති දරුවන් 16001 ක්‌!

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ වැන්දඹුවන් විසිහතර දහසක්‌ හා දෙමාපියන් නොමැති දරුවන් 16001 දෙනකු සිටින බව මඩකලපු දිස්‌ත්‍රික්‌ ලේකම් පී. එස්‌. එම්. චාල්ස්‌ මහතා පැවසීය.

වස්‌ගමුව වනෝද්‍යානයේ ජාවාරම්කරුවෝ රජවෙලා!

වැලි කැණීමට එන පුද්ගලයන් වන උද්‍යානයේ නොයෙක්‌ නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවද "දිවයින" ට වාර්තා වේ.

ඛනිජ තෙල් පනත
අලුත් අච්චුවකින්

ඛනිජ තෙල් සම්පත් සංවර්ධනයට අදාළ සියලු ආයතනවල තීන්දු තීරණ එකම ස්‌ථානයකින් ගතහැකි වන පරිදි බලතල සහිත සංස්‌ථාපිත ආයතනයක්‌ පිහිටුවීමට මෙම නව පනතින් කටයුතු කෙරේ.

ඇමරිකාවේ
තවත් පිපිරීමක්‌

15 ක්‌ මරුට 100 කට තුවාල

60 දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය යෑයි පැවසේ. මෙම පොහොර ගබඩාවේ ඇමෝ නියා තැන්පත් කර තිබූ බව ටෙක්‌සාස්‌ ගිනි නිවන ප්‍රධානි ඩොන් සිගර් කීවේය. මුළු ප්‍රදේශය පුරාම ගිනි ජාලාවක්‌ පැතිරුණා යෑයි ඔහු කීවේය.


ප්‍රධාන පෙළේ පාසල් වල පහ ශ්‍රේණි උතුරයි
- අධ්‍යාපන ඇමැති කැබිනට්‌ මණ්‌ඩලයට දන්වයි

පෙර වසර හා සසඳන විට පසුගිය වසරේදී හය වැනි ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව දෙදහසකින් පමණ වැඩි වුවද හය වැනි ශ්‍රේණියේ පුරප්පාඩු සීමා වීම නිසා එම සිසුහු දැඩි අසාධාරණයකට ලක්‌ව සිටිති.

සියයට 7 ට වඩා දශම යක්‌වත් බස්‌ ගාස්‌තු වැඩි කරන්නේ නෑ
- ඇමැති සී. බී. රත්නායක

ගැමුණු විඡේරත්න මහතා ඉල්ලන ප්‍රමාණය හෝ ඔහුගේ වෙනත් ඉල්ලීම් පිළිබඳ තමන් කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වන බව ඇමැතිවරයා කීය.

කොටි බෝම්බ ක්‍රම වේදය බොස්‌ටන් ප්‍රහාරයටත් මුල් වෙලා

කොටි නිර්මාණය කළ එකී ක්‍රමවේදයෙන් අපේ සෙබ ළුන් හා සිවිල් වැසියන් විශාල පිරිසක්‌ ඊට ගොදුරු වුණා යෑයි හෙතෙම සඳහන් කළේය.

පතලේ උපවාසය අවසන්

මෙහිදී රජය විසින් සේවකයා මෙන්ම කර්මාන්ත හිමියන් රැකෙන ආකාරයේ විසඳුමක්‌ ලබාදෙන බවට සේවකයන්ට වූ පොරොන්දුව මත ඔවුන් උපවාසය අත්හල බව ලේකම්වරයා පැවැසීය.


බොස්‌ටන් ප්‍රහාරයේ බෝම්බකරු දැලේ

බෝම්බකරු අසුවීමට මඟ පෑදී ඇත්තේ මැරතන් තරගය පිහිටි ප්‍රදේශයේ හුවමාරු වූ සියලුම ජංගම දුරකථන පණිවුඩ නිරීක්‍ෂණයට ලක්‌ කිරීමෙන් යෑයි ද අනාවරණය වී ඇත.

බිස්‌කට්‌ හැදීමට
සුදුසු නව වී ප්‍රභේද හඳුනාගනී

තිරිඟු පිටි භාවිතය අවම කිරීමටත්, සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමටත් මෙමගින් අපේක්‍ෂා කරන බව ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ප්‍රමිතියක්‌ නොමැති කුරුඳු නිෂ්පාදන නිසා විකුණුම් මිල පහත වැටිලා
- කුරුඳු ව්‍යාපාරිකයෝ

කුරුඳු ගස්‌වල සුඹුල හොඳින් ගා ඉවත් නොකිරීම කුරුඳු තැලීමේදී එකතු වන අප ද්‍රව්‍ය කුරුඳු කෝටු අතරට දැම්ම ආදී කරුණු නිසා කුරුඳුවල ගුණාත්මක භාවය අඩු වේ.

දියණියගේ අස්‌වීම් සහතිකය නොදුන් නැයි  විදුහල්පතිට පහරදීලා

සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය නතර කළ පුද්ගලයකු විදුහල්පතිවරයාට පහරදී තිබේ.

බලන කොටු පවුර දූෂිතයන්ගේ අඩවියක්‌

සතුරාට ජයගත නොහැකි ස්‌වාභාවික වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග වලින් යුතු බලන කොටුව භූගෝලීය පිහිටීම සතුරු උවදුරු දුරු කරලීමට එදා මහඟු පිටුවහලක්‌ වී තිබුණි.


බේරේ වැවේ මළ සිරුරක්‌ - පොලිසිය ගොඩගනී

මියගිය අය බීමත්ව සිටිය දී බේරේ වැවට ඇද වැටුණේද? එසේත් නොමැති නම් මොහුව කිසියම් අයකු විසින් බේරේ වැවට තල්ලු කළේද? යන්න සම්බන්ධ යෙන්......


ශ්‍රී ලාංකිකයන් 765 ක්‌ සවුදියේ පාලමක්‌ යට දුක්‌ විඳිනවා

මේ අතර පිරිමින් 700 දෙනකු සහ ගැහැණුන් 65 දෙනකු සිටින බවද කී මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මෙම දුක්‌විඳින පිරිස ගෙන්වා ගැනීමට වෙනම ගුවන් යානයක්‌ පිටත් කළ යුතු බවද කීය.

  • ගී පද රචනයේ නොමියෙන මතකය
    කරුණාරත්න අබේසේකර

    සිනමා ගී පද රචනයන් පිළිබඳ මතකය අවදි කරවන විට 1930 ජුනි මස 03 වන දින උපත ලැබ 1983 අප්‍රියෙල් මස 20 වන දින පන්හිඳ අතහැර පොත පමණක්‌ අප වෙත ඉතිරි කර වෙන්ව ගිය කරුණාරත්න අබේසේකර සූරීන් සිහිපත් කරනුයේ හද බැතියෙනි.

  • ජාතික පාපන්දු පුහුණු සංචිතය
    ලබන 15 ට පෙර වැඩ අරඹයි

    තව දින කිහිපයකින් (ලබන 30 දා) බ්‍රසීල ජාතික විශේෂඥ පාපන්දු පුහුණුකරු මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර ඔහුගේ අධීක්‍ෂණයෙන් ජාතික පාපන්දු පුහුණු සංචිතය පිහිටුවීමට නියමිත බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු 'දිවයින' ට පැවසීය.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.