වාස්‌තු ශිල්පීය ධ්වනිතභාවය

වාස්‌තු විද්‍යා විශාරද ජේ. ගොඩකන්ද ආරච්චි

වාස්‌තු ශිල්පීය ධ්වනිතභාවය මගින් නිවසක සක්‍රීයභාවයක්‌ ඇතිකළ හැකිය. කම්පනයන් ඇති කිරීම සඳහා පහත නව ක්‍රම යොදා ගත හැකිය.

මිහිරි සංගීත හඬ
ජල බිංදු හඬ
කුරුලු හඬ
සීනු හඬ

පැරණි වාස්‌තු ක්‍රමවේදයේදී රාජ මන්දිර, ගෘහයන් හා නගර උද්දීපනය සඳහා සියුම් ලෙස කම්පනයන් සිදුකර ඇති බව පෙනේ. මේ නිසාම කනිසම සහිත ඔරලෝසු මිනිසුන් අතර ප්‍රසිද්ධ විය.

අමිහිරි ශබ්ද හඬ ධ්වනිත කිරීමේදී මානසික ගැටලු ඇතිවන අතර ක්‍රියාකාරිත්වයන්ගේ අබල දුබල බවක්‌ සිදුවන බව ඔප්පුකොට ඇත. මෙම හඬවල්වලට මනුෂ්‍යයා පමණක්‌ නොව ගහකොළ සතුන්ගේ පවා යම් වෙනස්‌කම් සිදුවීම දක්‌නට ඇත.

බ්ලයින්ඩ් කිරීම හෙවත් අන්ධ බිත්ති සහ ඔබේ නිවස

අන්ධ බිත්තියක්‌ යනු මායිම්ගත බිත්තියකි. මෙහිදී කිසිදු වාකවුළුවක්‌ තැබීමට නීතියෙන් ඔබට අවසරයක්‌ නැත. ඉඩ මඳකම සහ තාප්පයට වැය වන මුදල අවම කර ගැනීම සඳහාත්, ඉඩම් කොටස ඉතිරිකර ගැනීම සඳහාත්, මෙවැනි ක්‍රියාමාර්ගයන් ගැනීමට අද උත්සුක වී ඇත. තමන්ගේ නිර්මාණයන් සිදුකිරීමේදී එම බිත්තියට හේතුකොට එසේ නැතහොත් තම නිර්මාණය ද මායිම්ගතව සැලසුම්කර ගැනීමට බොහෝ අය වෙහෙසෙන බව පෙනේ. මෙය අසාර්ථක උත්සාහයකි. සෘජුව ගමන් ගන්නා බිත්තියකින් නිකුත් කරන තරංගයන්ගේ ආයාමය උච්ච අවස්‌ථාව එම ගොඩනැඟිල්ලේ , එම බිත්තියේ, බැම්මේ, මූලකේන්ද්‍රයට බලපාන බව සොයා ගෙන ඇත. එමනිසා එහි අහිතකර තත්ත්වයන් තමන් විඳගන්නවාද? නැද්ද? යන්න ඔබම සිතා බැලිය යුතුව ඇත. ඒ නිසා අඩුම තරමින් අඩි 3 ක පරාසයක්‌ තබා තම ඉදිකර ගැනීම සිද්ධ කරගනු ලබන්නේ නම් ඉන් ඔබට වන වාසිය සුළුපටු නොවේ. එහිදී තම ගොඩනැඟිල්ලේ අපද්‍රව්‍ය ජල ප්‍රවාහන පද්ධතිය සකස්‌ කිරීමට පහසුකම් ද ලැබේ.

අභීත සිංහලයාගේ ගෙය හෙවත් ගෙදර, පැල්පත, ධනවත් අයගේ වලව්ව, පැල යන නම්වලින් හැඳින්විය. එමෙන්ම ගෙදරක ඉදිරිපස තිබෙන පිල, කොට්‌ට පිල, දර පිල, අගුව, අගුපිල, බිතක්‌කනය, හේරංකඩය (මෙම නම් දෙකද අගුව සඳහා භාවිත කරන බව පෙනේ.)උයන ගේ, පිළිකන්න, ලිප්ගල, ලිප්බොක්‌ක, දුම්මැස්‌ස, වළං මැස්‌ස, කළගෙඩිපිල, මඩුගෙය හෙවත් ගබඩා කාමරය, කන්තෝරු කාමරය, එළිපත්ත, උඩ ලිප්පත, උඩලිපොත, දර ගෙය, බිස්‌ස, අටුq ගෙය, ආදී වචන ක්‍රම ක්‍රමයෙන් ජනවහරෙන් ඉවත් කිරීමට අද සමත්වී ඇත. සමහරක වචන සඳහා සංවර්ධනයත් සමඟම අපට වෙනස්‌ වීමට සිදු වෙන අවස්‌ථා තිබෙන මුත් හැකි පමණ වචන යොදා ගත යුතුය.

ආරුක්‌කු

නිවාසයන්හි සමබරතාව ඇතිකිරීම සඳහා ආරුක්‌කු වැදගත් වේ. ආරුක්‌කු යන්න රෝම වචනයකි. ආරුක්‌කුව ඉපැරණි ගොඩනැඟිලි හි බහුලව දක්‌නට ඇති ලක්‌ෂණයකි. එම ගොඩනැඟිලි අද ද අජරාමරව පවත්නා බව පෙනේ. මේ සඳහා වන ප්‍රධාන හේතුව, ආරක්‌කු නිවාස ඇතුළත සහ පිටපත යොදා ගැනීම බව තහවුරු වී ඇත. ඉහළ බරෙහි තරංග ආයාමය බිත්ති අතර, විහිදීමත්, එම ස්‌කන්ධ බර භූගත නොවීමත් මෙයට හේතු සාධක වශයෙන් හඳුනාගත හැකිය. ස්‌කන්ධ බර භූගත කිරීමේදී භූගත චුම්භකත්වයට සිදුවන අසමතුලතිතාව ශුභදායක නොවන බව මින් පෙනේ. කොන්ක්‍රීට්‌ වෙනුවට ආරුක්‌කු යොදා ගැනීමට ඔබ යුහුසුළු වන්නේ නම් එම ආතතියෙන් වැළකීමට නිසැකයෙන්ම ඔබට පුළුවන.

මනුෂ්‍යය ශාරීරික ක්‍රියාකාරිත්වය සහ ගෘහයේ අංග ක්‍රියාකාරිත්වයේ ආසාදන අවස්‌ථා

බැක්‌ටීරියා, ක්‍ෂුද්‍ර ජීවින්, දිලීර, මනුෂ්‍ය ශරීරයට අවශ්‍ය හා අවශ්‍ය නොවන ආකාරයෙන් පවතී. සමහර බැක්‌ටීරියා ශරීරයේ පැවැත්මට හිතකර වේ. මනුෂ්‍ය ශරීරයේ අක්‍රීයතාවන් පිළිබඳව කරන පරීක්‍ෂාවෙහිදී ආසාදනයන්ට ප්‍රධාන හේතූන් ලෙස මෙම තත්ත්වයන් හඳුනාගෙන ඇත. මෙහිදී ගෘහය හරහා බලපාන හේතු සාධක පහත සඳහන් පරිදි දැක්‌විය හැකිය. සෝදා පවිත්‍ර කරන ලද ඇඳුම් වැල්වල එල්ලීමේදී දුම් වැදීම , දූවිලි උකහා ගැනීම නිසා ඔබේ ඇඳුම්වලින් ආසාදනයන් ඇතිවීමට හැකියාව ඇත.

බිත්තර නොසෝදා ශීතකරණයේ තැබීමේදී කිකිළියගේ මළපහ සමඟ බිත්තර තැබීම තුළින් එම බැක්‌ටීරියාවල වර්ධනයත්, වෙනත් ආහාර ද්‍රව්‍යවලට එකතුවීමත් සිදුවීම නිසා අක්‍රීයභාවයත් ඇති වන බව පෙනේ.

පිරිසිදු නොකරන ලද මාළු ටැංකි, මැසි උවදුරු, කුහුඹින්ගේ රජදහන්වල වීම, නිසි පරිදි ඩස්‌ට්‌ බින් නොතැබීම, තරප්පු පෙළ විෂබීජ නාශකයකින් නොසේදීම, දොරෙහි ලොක්‌ හි හැන්ඩ්ල් ශුද්ධ පවිත්‍ර නොකිරීම, කුණු නොපිච්ච වීම, සුරතල් සතුන් ඇතිකිරීම, සපත්තු, සෙරෙප්පු ඊශාන දිසාවේ තැබීම වැනි දේ ද, වැහි පීලිවල වතුර නිසාද, කුණුවළවල් නිසි පරිදි සකස්‌ නොවීම ද, බහුල ලෙස දැක ගත හැකි සාධක වේ. ඊශාන දිසාවේ කුණු සහ ටොයිලට්‌, එසේම පළඳින ලද සපත්තු රැස්‌ කිරීම නිසා විෂබීජ නැසීමට තරම් සූර්ය ශක්‌තිය නොලැබීම හේතුවකි. ඊශාන දිසාව ඉතාම සෞම්‍ය දිශාවක්‌ වන්නේ එසේ හෙයිනි. මේ නිසා මෙම දිශාව පිරිසිදුව තබා ගත යුතුය. නැතහොත් නිතර පිරිසිදුව තබා ගැනීමට ඔබ උත්සාහ ගත යුතුය. නිවැසියන් පාවිච්චි කරනු ලබන රූපවාහිනි , පරිගණක, ජංගම දුරකථන වැනි උපකරණ නිසා විකිරණවලින් වන බලපෑම විශාල අගයක්‌ ගනී. මයික්‍රෝ අවන් එක්‌ස්‌ කිරණ ගැමා කිරණ, නියුට්‍රොaන ඇල්µd සහ බීටා කිරණ නිකුත් කරන යම් යම් උපකරණ නිසා ගෘහාංග ක්‍රියාකාරිත්වයේ දී ආසාදන ඇතිවේ. විෂ සහිත ගස්‌ද, විෂ වර්ණ ගත කිරීමද, යම් යම් පෝසිලේන් උපකරණද, නුසුදුසු බව හඳුනාගෙන ඇත. උස්‌ ගස්‌ උතුරු, ඊශාන දිසාවන් හි වැවීම නිසා නිවසට පරාවර්තනය වන හිරු රැස්‌ සහ සුළඟ හැමීම සිදු නොවීමද මෙම තත්ත්වයන් හි වර්ධනයට හේතුකාරක වී ඇත. වැසිකිළි වළවල් දුරින් පිහිටීමේදී නිසි පරිදි ප්‍රවාහනය නොවීම නිසා මළ පද්ධතියේ අශුචි රැඳීම නිසා මීතේන් වායුව නිපදවීමද අහිතකරය.

වාස්‌තු එකඟත්වයන් ඇතිවීමේදී නිවසක දක්‌නට ලැබෙන යහපත් ලක්‌ෂණ

වාස්‌තු එකඟතාවන් සහිත නිවසක නිවැසියන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉතා ඉහළ මට්‌ටමක පවතී. මෙම නිවාසයන්හි රෝග කාරක අවස්‌ථාවන් අඩුවීමක්‌ දක්‌නට හැකි අතර මේ නිසාම නිරෝගීතාවය ඇති වාසස්‌ථාන ලෙසින් වාස්‌තු එකඟ වූ නිවාස දක්‌නට පුළුවන. හිරුඑළිය සහ වාතයේ නිසි සංකලනය නිසා නිවසේ නිවැසියන්ගේ ආතතිය අඩුවීම ද දක්‌නට හැකි ප්‍රධාන සාධකයකි. අඳුර, උෂ්ණත්වය වැඩිවීම යන කරුණු නිවසකට පාළුව, කාන්සිය, ගෙනෙන ප්‍රධාන සාධක අතර මුල් තැනක්‌ ගනී. මානසික තිsරිහන්භාවය වැඩිවීම සඳහා වාස්‌තු එකඟතා සහිත නිවසක්‌ බලපාන බව කිව හැකිය. මනුෂ්‍ය ශාරීරික ක්‍රියාකාරිත්වය දුබල කිරීම සඳහා බැක්‌ටීරියා සහ ක්‍ෂුද්‍ර ජීවීන් මෙන්ම දිලීර බලපාන්නේ යම්සේද ගෘහස්‌ථ ස්‌කන්ධයෙහි ක්‍රියාකාරිත්වය දුර්වල කිරීම සඳහා අප විසින් ඉහත සඳහන් පරිදි රෝගකාරකයන් ඇති කරනු ලබන බව පැහැදිලි වේ.

ඔබ සේවාදායකයෙක්‌ වශයෙන් සැලසුම් සකස්‌ කර ගැනීමට යැමේදී නිරවුල් මනසකින් යුතුව, අනවශ්‍ය ආතතියකට යටත් නොවී, වැඩිහිටියන් හෝ කිහිප දෙනකු සමඟ මෙන්ම විවාහ පත්වී නම් අඹු සැමියන් එකතුව මෙන්ම තම දූ දරුවන් ද, කැටුව සෑම අත්‍යවශ්‍ය කාරණයකි. කිහිප අවස්‌ථාවන් හිදීම වෙනස්‌කම් සිදු කරමින් සැලසුම් ශිල්පියාට හිසරදයක්‌ වන ලෙස සැලසුම් සකස්‌ කර ගැනීමට උත්සාහ නොගත යුතුය. තමන්ට වැය කළ හැකිs මුදල, තමන් ණය මුදලකින් මෙය ආරම්භ කරනවාද? නැද්ද? පවුලේ සාමාජික සංඛ්‍යාව , කොටසක්‌ නිම කර පදිංචියට යනවාද? නැද්ද? තමන් බලාපොරොත්තු වන හැඩතල, අවශ්‍ය කාමර ගණන, අභ්‍යන්තර උස්‌ පහත්වීම් අවශ්‍ය වේ. නම් ඒ බව තමන් වාස්‌තු සම්බන්ධයෙන් දරන්නා වූ මත, ආදී සියලු කරුණු නොවළහා සැලසුම් ශිල්පියා දැනුවත් කළ යුතුය. කල්මරන සැලසුම් සඳහා ගෙන දෙන බාධා ඉහළය. එමනිසා එකවර සැලසුමක්‌ සකස්‌කර ගැනීම සඳහා ඔබගේ අවධානය යොමු කළ යුතුය. දළ සටහනක්‌ රැගෙන ගොස්‌, අවශ්‍ය සියලු වෙනස්‌කම් එහි සිදුකොට, සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡාකොට, අවසාන සැලසුමේ පිටපතක්‌ ලබා ගැනීම ඉතාම උචිත සහ සුදුසුම ක්‍රියා පිළිවෙළ වේ. තමන්ගේ නිවසේ, තම කාමරයේ දිග, පළලවත් මැනීමට ලක්‌කොට එම අවබෝධය සහිතව සැලසුම් ශිල්පියා වෙත යැම අත්‍යවශ්‍ය වූ කාරණයක්‌ වන්නේය. එහි ප්‍රතිඵලය වන්නේ සැලසුම් ශිල්පියාට ආරෝපණය වන නිවස ඔබට ඔබගේ අවශ්‍යතාවන්ට අනුකූලව සකස්‌ කර ගැනීමට ඇති හැකියාව ඉහළ මට්‌ටමකින් ලබාදීමය. තමන් අධ්‍යයනය කළ හෝ තමන් දැක පුරුදු නිවසක්‌ හෝ අන්තර්ජාලය හෝ පුවත්පත්, සඟරා මගින් මවාගත් නිවාස ඒ ආකාරයෙන් සැළසුම්කර ගැනීමට යත්න නොදැරිය යතුය. එසේ වුවහොත් සම්ප්‍රේෂණ වාස්‌තු දෝෂ ඉහළ අගයකින් යුතුව ඔබේ සැලසුම සඳහා ළඟා වේ. ඔබේ අදහස ප්‍රකාශ කළ හැකිමුත් නියමිත දිශානුගත රටාවට අනුව සැලසුමේ අංග ස්‌ථානගත කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ ඒ පළාත්වලට නීත්‍යනුකූල අවශ්‍යතාවන්ට අනුව ස්‌ථානගත කිරීම ද අවශ්‍යය. මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි පිළිපැදීමට සැලසුම් ශිල්පියාට සිදුවනු ඇත. ඔබගේ වයසට, ඔබගේ රැකියාවට සහ ඔබගේ ඉඩමට මෙන්ම ඔබගේ අත ඇති මුදලට මෙන්ම දේශගුණික ලක්‌ෂණයන්ට අනුකූලව මෙන්ම ස්‌වභාවික පරිසරයට අවනතව සැලසුම් සකස්‌කර ගත යුතුය. කාලයාගේ ඇවෑමෙන් සැලසුම් හි දෝෂ මතුවීමට ඉඩ ඇත. එහිදී කැඩීම්, බිඳීම්, පිළිසකර නොකිරීම, කොටස්‌ එකතු කිරීම වර්ණ දුර්වර්ණවීම, ආදී කරුණු සඳහා අවධානය යොමු කළ යුතුය.

අක්‍රමවත් නිවාසයන්හි භෞතික ලක්‌ෂණ හා ජීවීය ලක්‍ෂණ

මෙවැනි නිවාසයන්හි ගුණත්වය හා යථාර්ථයන් හඳුනා ගත හැකිය. පාළු බව, මූසල ස්‌වරූපය දක්‌නට පුළුවන. සෙවෙල් කෑම, තෙත බරිත වීම, කොටස්‌ කඩා වැටීම, ඇලවීම, වහලේ අක්‍රමවත් බව, නිවාස අඳුරුවීම. ගහකොළවලින් වැසී යැම, කැඩුණු බිඳුනු පාර, ගේට්‌ටුව, සැලකිල්ලක්‌ නොදැක්‌වූ ළිඳ, ලට්‌ට ලොට්‌ටවලින් පිටත හා ඇතුළත පිරී තිබීම. ඉරි තැලීම්, පුස්‌ කෑම, සතුන් (කුහුඹු, මැස්‌සන්, මැක්‌කන්) නිවස ආක්‍රමණය කිරීම, දුර්ගන්ධය වහනය වීම යනාදී ලක්‌ෂණ දැක්‌විය හැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.