සියයට 7 ට වඩා දශමයක්‌වත්
බස්‌ ගාස්‌තු වැඩි කරන්නේ නෑ

- ඇමැති සී. බී. රත්නායක

අකිත පෙරේරා

ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා බස්‌ ගාස්‌තුව 15% කින් වැඩි කළ යුතු බව කීව ද රජය එය 7% කට වැඩියෙන් දශමයක්‌ වත් වැඩි නොකරන බව පෞද්ගලික මගී ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක මහතා "දිවයින"ට ඊයේ (18 දා) පැවැසීය.

රජය යෝජනා කර ඇති පරිදි 7% ක බස්‌ ගාස්‌තු ඉහළ දැමීම ළඟදීම සිදු වෙනු ඇතැයි ද කී ඇමැතිවරයා ඒ පිළිබඳ දිනයක්‌ තවම තීරණය කර නැතැයි ද කීය.

ගැමුණු විඡේරත්න මහතා ඉල්ලන ප්‍රමාණය හෝ ඔහුගේ වෙනත් ඉල්ලීම් පිළිබඳ තමන් කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වන බව ඇමැතිවරයා කීය.

මේ අතර බස්‌ ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී එම අමාත්‍යංශයේ ලේකම් වික්‌ටර් සමරවීර මහතා කියා සිටියේ ගාස්‌තු ඉහළ දැමීම ඇමැති සී. බී. රත්නායක මහතාගෙන් උපදෙස්‌ ලැබුණු පසුව සිදු කරන බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.