කොටි බෝම්බ ක්‍රමවේදය
බොස්‌ටන් ප්‍රහාරයටත් මුල් වෙලා

කීර්ති වර්ණකුලසූරිය

බොස්‌ටන් නුවර බෝම්බ පිපිරීමෙන් සිවිල් වැසියන් රැසකගේ පාද අහිමි වීමට මුල් වූයේ කොටි සංවිධානය විසින් යකඩ ඇණ හා බෝල් බෙයාරින් යොදා නිර්මාණය කළ අයි. ඊ. ඩී. නමැති බෝම්බ ක්‍රමවේදය යෑයි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (18 දා) පැවැසීය.

මෙය ඉතාමත් බිහිසුණු ක්‍රමවේදයක්‌. කොටි නිර්මාණය කළ එකී ක්‍රමවේදයෙන් අපේ සෙබළුන් හා සිවිල් වැසියන් විශාල පිරිසක්‌ ඊට ගොදුරු වුණා යෑයි හෙතෙම සඳහන් කළේය.

මෙයට පෙර ඇමරිකාව තුළ මෙවන් අයි.ඊ.ඩී. ක්‍රමවේදය ඇතුළත් බෝම්බ පුපුරුවා හැර නැත. මෙම බෝම්බ ක්‍රමවේදය නිසා ජීවිත හානිවලට අමතරව පාද අහිමි වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.