ඛනිජ තෙල් පනත අලුත් අච්චුවකින්

රනිල් ධර්මසේන

ඛනිජ තෙල් පනත අහෝසි කර නව ඛනිජ තෙල් සම්පත් පනතක්‌ ගෙන ඒමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධනයට අදාළ සියලු ආයතනවල තීන්දු තීරණ එකම ස්‌ථානයකින් ගතහැකි වන පරිදි බලතල සහිත සංස්‌ථාපිත ආයතනයක්‌ පිහිටුවීමට මෙම නව පනතින් කටයුතු කෙරේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා නිෂ්පාදන කර්මාන්තය කාර්යක්‍ෂම බව හා ඵලදායී ලෙස නියාමනය කිරීම හා කළමනාකරණය කිරීම මෙම ආයතනය මගින් සිදුකිරීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව පනතට අදාළ කැබිනට්‌ පත්‍රිකාව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.