බේරේ වැවේ මළසිරුරක්‌ - පොලිසිය ගොඩගනී



බේරේ වැවේ පාවෙමින් තිබු මළ සිරුර ගොඩට ගන්නා අයුරු
ඡායාරූප - රංජිත් විමලසිරි - වැල්ලම්පිටිය

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සචිත්‍ර ඇල්වලගේ සහ රංජිත් විමලසිරි - වැල්ලම්පිටිය

කොටුව පොලිස්‌ වසමට අයත් බැස්‌ටියන් මාවත පුද්ගලික බස්‌නැවතුම්පළ පිටුපසින් ඇති බේරේ වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක්‌ (17 දා) කොටුව පොලිසිය මගින් සොයා ගන්නා ලදී.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන ඇත.

මියගොස්‌ සිටි අය මහනුවර හිඳගල පදිංචිව සිටි එන්. සුබ්‍රමනියම් (45) නමැති අයකු බවට පොලිසිය මේ වන විට හඳුනාගෙන ඇත.

මියගිය අය බීමත්ව සිටිය දී බේරේ වැවට ඇද වැටුණේද? එසේත් නොමැති නම් මොහුව කිසියම් අයකු විසින් බේරේ වැවට තල්ලු කළේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදු කරයි. මියගිය අයගේ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ අලුත්කඩේ අංක 06 මහෙස්‌ත්‍රාත් සඳුන් විදානගේ මහතා විසින් පැවැත් වීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.