බලන කොටු පවුර දූෂිතයන්ගේ අඩවියක්‌

යටිනුවර - යසන්ති සුධම_d ගුණතිලක



යටිනුවර ඡන්ද කොට්‌ඨාසයේ ඓතිහාසික වටිනාකම් ඇති ස්‌ථානවලින් ප්‍රධාන තැනක්‌ ගන්නේ බලන කොටුවයි.

මේ බලන කොටුව වටා බොහෝ ජනප්‍රවාදයන් බිහිවී තිබුණද මෙය අතීත යුගයක රජුට ඔත්තු සැපයූ ස්‌ථානයක්‌ බවයි. බලන ගැන කියවන අප දන්නේ එපමණකි.

අතීතයේ සිටම මෙම ස්‌ථානය පිහිටියද එය යුද කටයුතු සඳහා භාවිත වන්නේ පළවන විමලධර්මසූරිය රජ සමයේ දීය. මේ ආරක්‍ෂිත බලකොටුව සොයායාමේදී එදා පෞරුෂත්වයකින් වැජඹුන බලන අද ඉතා ශෝකාලාපයකින් බවට පත්ව තිබෙනු දැකගැනීමට හැකිවිය.

එදා දෙස්‌ විදෙස්‌ සංචාරකයන් බලන කොටුවේ සුන්දරත්වය නැරඹීමට හා යමක්‌ ඉගෙනගැනීමට රොද බැඳ මෙහි පැමිණියද අද ඝන කැලෑවක්‌ බවට බලන කොටුව පත්වී තිබීම ඉතා කනගාටුදායක සිද්ධියක්‌ වී ඇත. බලන කොටුවට යාමට ඒමට නිසි මාර්ගයක්‌ නොමැතිවීමත් කොටුව සම්පූර්ණයෙන් කැලෑවෙන් වැසී බලන කොටුව තිබුණා දැයි නොපෙනෙනා තරමට අභාවයට පත්වී ඇත.

1 විමලධර්ම රජ සමයේ මහනුවරට එල්ල වූ සතුරු ආක්‍රමණ මෙල්ල කර දැමූ ආරක්‍ෂිත බලකොටුව වූයේ බලන කොටුවයි. සතුරාට ජයගත නොහැකි ස්‌වාභාවික වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග වලින් යුතු බලන කොටුව භූගෝලීය පිහිටීම සතුරු උවදුරු දුරු කරලීමට එදා මහඟු පිටුවහලක්‌ වී තිබුණි.

එමෙන්ම රාජසිංහ රජු පාලන සමයෙහි සිදු වූ සතුරු ආක්‍රමණයකදී රජතුමා ආරක්‍ෂාව පතා සැඟවීමට බලනට පලා ආ බවද ඉතිහාසගත තොරතුරු සඳහන් කරයි.

බලනෙහි පෞඪත්වය ඉතිහාසයට එක්‌කළ බලන ඓතිහාසිකමය වශයෙන් ඉතා වැදගත් ස්‌ථානයක්‌ බවට පත් කිරීමට තදින්ම බලපා ඇත්තේ බලන කොටුවයි.

කොළඹ - මහනුවර මාර්ගයේ කඩුගන්නාව නගරයේ සිට දිවෙන අතුරු මාර්ගයේ කිලෝ මීටර් 5 ක්‌ පමණ ගියවිටක වෙරලූගොල්ල මාර්ගයේ පෞද්ගලික තේ ඉඩමක්‌ හරහා වැටී ඇති අඩිපාරක්‌ ඔස්‌සේ දුෂ්කර ගමනක අවසානයේ අද කැලෑවෙන් වැසී ඇති බලන කොටුව හමුවේ.

එදා මෙම කොටුව මත සිට අවට බලන්නකුට අලගල්ල, බතලේගම, දෙවනගල සහ සූර සරදියෙල් සැඟව සිටි උතුවන්කන්ද ද මනාව දර්ශනය වුවද අද මේ සියල්ලම ඝන කැලෑවට යටව නොපෙනී ගොස්‌ ඇත.

අද බලන කොටුපවුර ප්‍රදේශය කිසිවකුගේ අවධානයට යොමු නොවන නිසා දූෂිත ක්‍රියාවන්ගේ තෝතැන්නක්‌ බවට එම ඓතිහාසික ස්‌ථානය පත්ව ඇතිබව තොරතුරු සොයාගිය අපට දැනගත හැකිවිය. නොයෙකුත් අපචාරයන්ගේ කෙළිබිමක්‌ බවට පත්වූ බලන කොටුවට අද පිවිසෙන්නන් දුරාචාරවලට පමණක්‌ එහි දුර්ග මාර්ග ඔස්‌සේ පිවිසෙන බව එම ප්‍රදේශවාසීන් පවසයි. තොරතුරු ලබාදෙන ඔවුන් තම නම් ගම් පවා හෙළිකිරීමට බියවන්නේ මෙම කැලෑප්‍රදේශය යම් බලපෑමකට ලක්‌ව ඇත්දැයි සැකසිතේ.

වසර ගණනාවකට උඩදි බලන කොටුවේ නටඹුන් දක්‌නට තිබූ බවත් කාලයාගේ ඇවෑමෙන් කිසිවකුගේ අවධානයට යොමු නොවී කැලෑවෙන් වැසී යාමට ඉඩ හැරී ඇති බලන කොටු පවුර සංරක්‌aෂණය නොවීමේ ප්‍රතිඵලය අනාගත පරපුරට ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ස්‌ථානයේ දැනගැනීමට හැකිවන්නේ පොතපතින් පමණක්‌ විම කනගාටුදායක සිද්ධියක්‌ වී ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම භූමි ප්‍රදේශය දෙපාර්තමේන්තුව මගින් රක්‌ෂිතයක්‌a ලෙසට නම්කර ඇති බවත්, අවට ඉඩම් හිමියන්ගේ ග්‍රහණයට හසුව ඇති මෙම ඉඩම අද අක්‌කර 1.5 ක ප්‍රමාණයක්‌ ඉතිරිව ඇත.

1 වන විමලධර්මසූරිය රජු පාලන සමයේ ඉදිකෙරුණ බවට සැළකෙන මෙම බලන කොටුව උඩරට සිට අමුනුපුර මුදලිඳු විසින් සිංහල හේවායන් යොදා ගනිමින් ඉදිකළ බවට තොරතුරු හෙළිවන අතර කන්ද උඩරටට සතුරු ආක්‍රමණයන් හිදි දැඩි රැකවරණයක්‌ ලබා දීමට සමත්වී ඇති ස්‌ථානයක්‌ වූ බවට පොත පතේ සඳහන්ය.

ඉතා සෞම්‍ය දේශගුණයෙන් යුත් මෙම ප්‍රදේශය තුළ ඉපැරණි පෞඪත්වය යළි ස්‌ථාපිත කරලීම වගකිවයුත්තන්ගේ දැඩි අවධානයට යොමුවිය යුතුම කරුණකි.

විටින් විට ප්‍රාදේශීය බලවතුන්ගේ වාචික පොරොන්දුවලට පමණක්‌ සීමාවන ඓතිහාසික බලන කොටුපවුර නාමය අනාගතයේදී පොතපතින් දැකීමට කියවීමට ඉතිරි නොකොට යළි එහි. පෞඪත්වය විදහාපාමින් එය සංරක්‍ෂණය කොට ආරක්‍ෂා කිරීම ඔවුන්ගේ යුතුකම වනු ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.