9 වැනි වසරටත් නේචර්ස්‌ සීක්‍රට්‌ස්‌
වෘත්තීය පුහුණුවට අතහිත



අවබෝධතා ගිවිසුමට නේචර්ස්‌ බියුටි ක්‍රියේෂන්ස්‌ ආයතනයේ සභාපති/කළමනාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආධිකාරියේ සභාපති කර්නල් එස්‌. ආර්. පී. රත්නායක මහතා අත්සන් තැබූ අවස්‌ථාව.

ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර රූපලාවන්‍ය සන්නාමය වන නේචර්ස්‌ සීක්‍රට්‌ස්‌ වෙළෝද අරමුණුවලින් ඔබ්බට ගොස්‌ සමාජ සත්කාර වැඩසටහන් රැසක්‌ ඔස්‌සේ මෙරට සංවර්ධන ක්‍රියාවලියට දායක වී ඇත. වෘත්තීය නිපුණතාවකින් යුත් තරුණ පරපුරක්‌ බිහිකිරීම ස`දහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් කිහිපයකටම නේචර්ස්‌ සීක්‍රට්‌ස්‌ දායක වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් දිවයින පුරා සංවිධානය කරනු ලබන වෘත්තීය රූපලාවන්‍ය පාඨමාලාවන්හි ප්‍රායෝගික පුහුණුවීම්වලට අවශ්‍ය රූපලාවන්‍ය නිෂ්පාදන, වසර ගණනාවක සිට නේචර්ස්‌ සීක්‍රට්‌ස්‌ නිෂ්පාදනය කර බෙදාහරින නේචර්ස්‌ බියුටි ක්‍රියේෂන්ස්‌ ආයතනය විසින් සපයනු ලබයි. තරුණ තරුණියන් දහස්‌ සංඛ්‍යාවක්‌ නිපුණතාවයෙන් සන්නද්ධ වෘත්තිකයන් ලෙස ව්‍යාපාරික ලෝකයට ප්‍රවිෂ්ට කිරීමට නේචර්ස්‌ බියුටි ක්‍රියේෂන්ස්‌ ආයතනය හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට හැකිවී තිබේ.

මෙම සද්කර්තව්‍ය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම ස`දහා අඛණ්‌ඩව 9 වන වසරටත් නේචර්ස්‌ සීක්‍රට්‌ස්‌ හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආධිකාරිය මේ වසරේදී ද අත්වැල් බැ`දගනියි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා නාරාහේන්පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරි කාර්යාලයේදී එහි සභාපති කර්නල් එස්‌. ආර්. පී. රත්නායක හා නේචර්ස්‌ බියුටි ක්‍රියේෂන්ස්‌ ආයතනයේ සභාපති/කළමනාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් සැබෑ සමාජ සත්කාරවල නිරතවීම සෑම දේශීය ආයතනයකම වගකීම වියයුතු බව තරයේ විශ්වාස කරන නේචර්ස්‌ බියුටි ක්‍රියේෂන්ස්‌ ආයතනය, ශ්‍රී ලාංකිකයන්ට කළ හැකියි යන්න තරයේ විශ්වාස කරමින් එය ක්‍රියාවට නංවමින් ඔප්පු කර ඇත. ඒ අනුව වසර 2020 දී ශ්‍රී ලංකාවෙන් බිහිවන ජාත්‍යන්තර රූපලාවන්‍ය සන්නාමය බවට නේචර්ස්‌ සීක්‍රට්‌ස්‌ පත්කිරීමේ දැක්‌ම පෙරදැරිව කටයුතු කරයි. නේචර්ස්‌ සීක්‍රට්‌ස්‌ සන්නාමය මේ වනවිට රටවල් 50 කට අධික සංඛ්‍යාවක ලියාපදිංචි කර තිබෙන්නේද එම කටයුතුවලට සමගාමීවයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.